කිඹුලාවල STREET FOOD සඳහා රතු එළියක්

කිඹුලාවල STREET FOOD ජංගම වෙළෙඳසැල් සියල්ල පෙබරවාරි 24 වැනිදා වනවිට මේ ජංගම වෙළෙඳසැල් එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී තිබේ.

එයින් තම ජීවිත රැකගැනීමට ව්‍යාපාරයේ යෙදෙන පිරිසක් නිරන්තරයෙන් දක්නට ඇති අතර, වෙළෙඳසැල් 33ක් පමණ ඇත. එයින් ජීවත් වන පවුල් 150කට වැඩි පිරිසකි. වෙළෙඳසැල් හිමියෝ පවසන්නේ, කොවිඩ් වසංගතය හේතුවෙන් සිය රැකියා අහිමිවීම හේතුවෙන් කිඹුලාවල එම ස්ථානයේ සිය ව්‍යාපාර ආරම්භ කළ බවයි.

මාර්ග සංවර්ධන අධිකාරිය මෙලෙස ක්‍රියාකිරීම අසාධාරණ බව එම ජනතාව පවසයි . මන්ද නාගරික සංවර්ධන අධිකාරිය මඟින් එම ස්ථානයේ වෙළෙඳාම් කිරීමට නීත්‍යානුකුල ක්‍රමවේදයක් යටතේ සැලසුම් කර ඇතැයි ඔවුන් කියති.

“එකපාරට අපිව අයින් කරාම අපි මොකද්ද කරන්නේ කියලා අපිට හිතාගන්න බෑ. යම් මුදලක් අය කරලා හරි රට හොඳ තත්ත්වයට පත්වෙනකල් අපිව මෙතැන තියන්න කියලා තමා අපි ඉල්ලීම කරන්නේ. අපි කාටවත් කරදරයක් කරන්නේ නෑ. අපි මෙතැන ලස්සනට පිරිසිදුවට කරන්නේ. ජොගින් පාත් එකේ අයට කිසිම කරදරයක් වෙන විදියට පුටුවක්වත් තියන්නේ නෑ. මෙතැනට දැන් විදේශිකයින් පවා පැමිණෙන තැනක් වෙලා…”

ලෙස ඔවුන් පත්ව ඇති අසරණ තත්ත්වය පිළිබඳ පැහැදිලි කළා.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි වැලිගම සභාවේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ 2027...

BYD RACCO විදුලි මෝටර් රථය ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD සමාගම,...

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...