නීතිවිරෝධීව මෙරටට ගෙන් වූ වාහන අමතර කොටස් තොගයක් විනාශ කිරීම අද

Date:

ඔරුගොඩවත්ත රේගු බහාලුම් පර්යන්තයේදී නීතිවිරෝධීව මෙරටට ගෙන් වූ වාහන අමතර කොටස් තොගයක් විනාශ කිරීම අද (20) දිනයේදී සිදු විය. ඒ පිළිබඳ විමසීමකදී රේගු නිළධාරියෙකු ප්‍රකාශ කළේ එම අමතර කොටස් වෙළෙඳපොළට නිකුත් වුවහොත් ප්‍රමිතියෙන් තොර වාහන එකලස් කිරීමේ අවදානමක් පවතින බවයි. පසුගිය වසර 5ක කාලය තුළ නීතිවිරෝධීව මෙරටට ගෙන් වූ වාහන අමතර කොටස් බවයි පැවසෙන්නේ.

ලංකා රේගුවේ ගබඩාවල බොහෝ කාලයක් පුරාවට, නීතිවිරෝධිව මෙරටට ආනයනය කළ වාහන බඳ කොටස් සහ අමතර කොටස් විශාල ප්‍රමාණයක් රාජසන්තක කිරීමෙන් අනතුරුව තැන්පත් කර තිබුණි. ඉන් කොටස් 100ක පමණ ප්‍රමාණයක් අද විනාශ කරනු ලැබීය.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශය විසින් ,එම අමතර කොටස් භාවිතයට නුසුදුසු බැවින් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒවා විනාශ කිරීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කළේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ රේගු අධ්‍යක්ෂ ආදායම් (අධීක්ෂණ බලකාය) ඩී.බී.එන්.සමරතුංග මහතා,

“අපි මෙතනදි අපේක්ෂිත ප්‍රධාන අරමුණ කිහිපයක් තියෙනවා. පළමු එක තමයි මහජන ආරක්ෂාව සැලසීම, දෙවැනි එක වශයෙන් වන්නේ අපේ ගබඩා හිස්කර ගැනීම ඉන් අනතුරුව ලැබෙන සියලු ආදායම රාජ්‍ය ආදායමට බැර කිරීම ප්‍රයෝජනයට ගත හැකි සියලුම කොටස් අපි ගලවා වෙන්කෙරුවා. ඒවා අපි ටෙන්ඩර් සේල් එකේ විකුණනවා. ඒ ආදායමත් අපි රාජ්‍ය ආදායමට බැර කරනවා. මෙවැනි දේවල් ගෙන්වුවොත් කිසිම ලෙසකින් ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් කරන්නේ නැහැ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...