ගේබ්‍රියෙල් සුළි කුණාටුව හේතුවෙන් නවසීලන්තයේ හදිසි තත්ත්වය දීර්ඝ කෙරේ

Date:

පසුගිය පෙබරවාරි 12වන දින නවසීලන්තයට බලපෑ ගේබ්‍රියෙල් සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට නවසීලන්ත රජය මඟින් නිල මරණ 11ක් හා පුද්ගලයන් අතුරුදන්වීම් පිළිබඳ සිදුවීම් 2,200ක් පමණ වාර්තා කර තිබේ.

අගමැති ක්‍රිස් හිප්කින්ස් මේ සම්බන්ධයෙන් අද(20)දිනයේ දී, මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ මෙතෙක් නොවූ විරූ හානියක් මෙම සුළි කුණාටුව හේතුවෙන් සිදුව ඇති බවත් ඔහු පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද ජාතික හදිසි තත්වය නැවත වරක් දීර්ඝ කිරීමට තමා කටයුතු කරන බවත්ය.

මාරාන්තික සුළි කුණාටුව හේතුවෙන් සිදුවන ලද හානිය දළ වශයෙන් ඩොලර් බිලියන 8 ඉක්මවිය හැකි බවට නිලධාරීන් අනතුරු ඇඟවා ඇති අතර, අගමැතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ නැවත නවසීලන්තය ගොඩ නැංවීමට වැඩසටහන් මාලාවක් දියත් කරමින් සිටින බවයි.
ඒ අනුව අද දිනයේදී ප්‍රකාශයට පත් කරන ලද අතුරු සහන පැකේජයට අනුව ආපදාවට ලක් වූ කලාප වල මාර්ග ප්‍රතිසංස්කරණය වෙනුවෙන් නවසීලන්ත ඩොලර් මිලියන 250ක මුදලක් වෙන් කර ඇත. එමෙන්ම ව්‍යාපාර සහ ප්‍රාථමික නිෂ්පාදකයින් සඳහා හදිසි ආධාර ලෙස තවත් නවසීලන්ත ඩොලර් මිලියන 50ක් වෙන් කර ඇති අතර රජයෙන් තවත් සහන සහ නැවත ගොඩනැගීමේ අරමුදල් අපේක්ෂා කෙරේ.

නවසීලන්ත පොලිස් කොමසාරිස් ඇන්ඩෲ කොස්ටර් පවතින තත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවත් සන්නිවේදනයේ දුෂ්කරතා හේතුවෙන් විපතට පත් පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමට ඇති දුෂ්කරතාවයන් හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මා වැඩ කළේ අමාත්‍යාංශ ලේකම්ගේ උපදෙස් අනුවයි – වරද පිළිගත් ආගමන විගමන පාලක අධිකරණයේදී කළ ප්‍රකාශය

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය සමාගම් දෙකකට ලබාදීම...

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...