පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය අද මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරයාට – ජී එල්

Date:

අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසන්නේ වත්මන් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය අද මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරයා වෙත හිමිවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා,

“වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නිත්‍යානුකූල බලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද ලැබෙනවා. අපි තරයේ විශ්වාස කරනවා වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ බලය පාවිච්චි කළ යුතුයි කියලා. දැන් මැතිවරණ පවත්වනවාද මැතිවරණ පවත්වන කාලය මේ සියල්ලම තීරණයේ වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ නීතියට අනුකූලව නෙවෙයි. එක පුද්ගලයෙකුගේ අභිමතය පරිදි. මුදල් ඇමතිවරයා තමයි. ඒ සියල්ලක්ම තීරණය කරන්නේ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...