“ඡන්දය දියව්!”

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දැමීමට ආණ්ඩුව උත්සාහ කරන බවට චෝදනා කරමින් “ඡන්දය දියව්” යන්න තේමා කරගනිමින් සමගි ජන බලවේගය අද (20) පස්වරුවේ කොළඹදී පැවැත්වූ විරෝධතාවය විසුරුවාහැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල විය.

ස්ථාන කිහිපයකට ඔවුන්ට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත්කර තිබූ පසුබිමක වුවද මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට කොටුව දෙසට විරෝධතා පා ගමන ආරම්භ කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විරෝධතාකරුවන් මෙලෙස විරෝධතා පාගමනක නිරතවුණි.

විරෝධතාකරුවන්ට මුදල් අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, සහ ගාලු මුවදොර භූමියට ඇතුළුවීම එමගින් වළක්වා තිබූ අතර නියෝගයෙන් වැඩිදුරටත් දන්වා තිබුණේ ගාලුමුවදොර අවට මාර්ග කිහිපයක ගමන් කිරීමේදී මාර්ග අවහිරතාවක් හෝ රථ වාහනවලට බාධාකිරීම් සිදු නොකරන ලෙසය.

විරෝධතාකරුවන් කොටුව දෙසට ගමන්ගැනීම වළක්වාළමින් පොලීසිය මාර්ගය අවහිර කර තිබූ අතර පොලීසියේ බාධා කිරීම් සහ ඒ වන විට ඇදහැලෙමින් පැවති වර්ෂාවද නොකමින් පිරිස ඉදිරියට යාමට උත්සාහ කිරීමේදී පොලීසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.

අනතුරුව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ කොළඹ පුරපති අපේක්ෂක මුජිබුර් රහුමාන් යන මහත්වරු එහි පැමිණ විරෝධතාකරුවන් සමග ඉදිරියට යාමට උත්සාහ කළ අවස්ථාවේ පොලීසිය සමග වචන හුවමාරුවක් ඇතිවිය. බාධාකිරීම් නොතකමින් විරෝධතාකරුවන් යළි සංවිධාන වෙමින් කොටුව දෙසට පාගමනින් පැමිණියේය.

පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය යාබද ප්‍රදේශයේදී සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා විරෝධතාවයට එක්වුණි.

රෂිකා හෙන්නායක

සබැඳි පුවත්:

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමියන්ගේ නඩු තීන්දුව ගැන සරත් එන්. සිල්වාගෙන් ප්‍රකාශයක්

කොළඹදී පැවති ආගමික හා සමාජීය සමුළුවක් අමතමින් හිටපු අගවිනිසුරු...

ඉරාන යුද්ධයෙන් එල්ල වූ බලශක්ති පීඩනය හමුවේ වියදම් කැපකිරීම හැර වෙනත් විකල්පයක් නෑ – IMF

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ LNW : ඉරාන යුද්ධය හේතුවෙන්...

ඥානසාර හිමිගේ චීවරය ඉවත්කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට විනිසුරු මඩුල්ලක් නම් කෙරේ!

කොළඹ LNW:සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ...

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...