මිණිපේ අමුණ සංවර්ධනයට ජනපති උපදෙස්

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ, විවිධ හේතු මත වසර 03කට අධික කාලයක් ප්‍රමාද වූ මිණිපේ වම් ඉවුරු ඇළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කඩිනම් කර, ඉදිරි මහ කන්නයට පෙර එහි ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබා දෙන ලෙසයි.

ඒ, ඊයේ (20)පස්වරුවේ මිණිපේ අමුණ ඉදිකිරීම් භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්. ව්‍යාපෘතියේ සැලැස්ම පරීක්ෂා කළ ජනාධිපතිවරයා එහි ඉංජිනේරුවන්ගෙන් ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ද කරුණු විමසා තිබෙනවා. ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු වෙනුවෙන් මෙරට ඉංජිනේරු පීඨවල සිසුන්ගේ සහාය ලබා ගැනීමේ හැකියාව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විදුලිය සඳහා ඉල්ලුම උච්චතම අවස්ථාවන්හි දිනකට දෙවරක් රන්ටැඹේ ජල විදුලිබලාගාරයෙන් ජලය නිකුත් කිරීම් සිදු කරන අවස්ථාවන්හිදී වම් හා දකුණු ඉවුරු ඇළ මාර්ග සඳහා ජලය නිකුත් කිරීමට දැනට පවතින අමුණ ප්‍රමාණවත් වන්නේ නැති බැවින් , මිණිපේ ගොවි බිම් සඳහා වඩා විශ්වාසනීය හා අඛණ්ඩව ජල සැපයුමක් ලබාදීමේ අරමුණින් මිණිපේ අමුණ වේල්ල මීටර 3.5 කින් එසවීම හා කිලෝ මීටර 74ක දිගින් යුතු මිණිපේ වම් ඉවුරේ ප්‍රධාන ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම් ආරම්භ කෙරුණි.

මිණිපේ අමුණ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ගොවි ජනතාවට නිරන්තරයෙන් ජලය ලබාදීමේ හැකියාවක් ඇති අතර මිණිපේ වම් ඉවුරු ඇළ දෙපස වගා බිම් යල – මහ දෙකන්නයේ අවහිරයකින් තොරව වගා කිරීමේ හැකියාව හිමිවනවා. එමඟින් සෙත සැලසෙන ගොවි පවුල් සංඛ්‍යාව 15,000කි.

ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 3,000ක්. 1948 වසරේ ඉදිකෙරුණු මිණිපේ අමුණ අවසන් වරට ප්‍රතිසංස්කරණය කර ඇත්තේ 1980 වසරේදී බව සඳහන් වේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...