*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

ලෝකයක් දන්නා ලංකාවේ ප්‍රේමණීය ආමන්ත්‍රණය – ප්‍රේමා

(ප්‍රේමා පින්නවල යනු මහා විශාල පුස්තකයක්ය.එයින් කියැ වූ පිටු කිහිපයක රහ තැන් පමණක් මෙහි අමුණන්නෙමු.විසිරි හැකියාවන් විසිරි සබඳතාවයන් ඔස්සේ ඔහුගෙන් රට හරියට වැඩක් ගත්තේ නැත.ඔහුට තිබුණේ සුළු සුළු දේ සඳහා ඒ මානව හිතවත්කම් භාවිතා කරන්නටය.නම කිව පමණින් ජාත්‍යන්තර ක්‍රීඩා කේෂ්ත්‍රයේ සැළකිලි ලැබෙන්නේ ඇයි යන්න ඔහුගෙන් අසා ලියන්නට පෙර, දැක විඳ ඇති පින්නවලව අකුරු කරන්නට ගත් වෑයමකි මේ.)


එක්තරා උදෑසනක ටොරිංටන් හී පිහිටා තිබුණු ගුහාගත මලල ක්‍රීඩා සංගම් ගොඩනැඟිල්ලට පිවිසෙන මා දකින්නේ එවකටත් මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ධූරයෙහි සිටි ප්‍රේමා පින්නවල ඔහුගේ සම වයස් මිතුරෙක් හා සාකච්ඡාවක සිටින බවය.කිසිවෙක් රාජකාරි සඳහා ඒ වන විට වාර්තා නොකර තිබුණ අතර මට පින්නවලගෙන් කැඳවීමක් ලැබිණ.පින්නවලයන් කතා කරන මිත්‍රශීලී ස්වරූපය නිසා මිතුරා එයින්ද පියවර කිහිපයක් පැන ඇවිත් රසවත් ඉතිහාස කතා වපුරන්නට විය.ක්‍රීඩාව ගැන නොවන ප්‍රේමා – ජයනි ප්‍රේම ඉතිහාසයද එයට පිවිසිණ.ජයනි එවකට පේරාදේණියේ සිටි රූමත්ම සිසුවියකි.ප්‍රේමා ඇයගේ ප්‍රේමය පැතුවද ස්ථිර වචනයක් නොලැබේ.මේ අතර විශ්ව විද්‍යාලයේ බොක්ෂිං තරගයකට ප්‍රේමා ඉදිරිපත් වන්නේ ස්ථීර වචනයක් නැති ප්‍රේමණීය හැඟීම ගැන තැවුලෙන්ය.කොහොමත් බොක්ෂි ක්‍රීඩාවේ මහා හැකියාවක් නොතිබුණු ප්‍රේමා පින්නවලගේ ප්‍රතිවාදියා වන්නේ,තමන්ට නොමැති හැකියාව තිබුණ අයෙක්ය.
විනාඩියක් ගත වෙන්නට ඇත.පින්නවල කපා දැමූ ගසක් මෙන් බිම පතිත වෙන්නේ සිහිසුන්වය.නමුත් ඔහු පියවි සිහියට එනවිට ජයනි ස්ථීරවම ප්‍රේම කරන්නට තීරණය කර සිටියාය.


පරාජයන් ජයග්‍රහණ කරගන්න ඉගෙන ගත්තෙ එතනින් ද?
මම පෙරළා ඇසුවෙමි.තිදෙනාම සිනා සුණා විනා එයට තවමත් පිළිතුරක් නොලැබිණ.
දැන් ප්‍රේමා පින්නවල එසේ හමුවන්නේ නැත.වසර එක හමාරකට පමණ පෙර ඔහු මට හමුවන්නේ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ගිය අවස්ථාවකදී ය.මා මිත්‍ර වෛද්‍ය ජගත් පැළෑදගම හමු වී වෛද්‍ය උපදෙස් ලබා පැමිණෙමින් සිටින මගේ උරපතින් අල්ලාගන්නේ ප්‍රේමා පින්නවලය.දැක නොදුටු සේ ගිය බවට ඔහුගෙන් චෝදනාය.නමුත් මා එසේ නොවන බව ඔහුට කී විට ඔහු එය පිළිගන්නේය.දැවන්ත සුඛෝපභොගී වාහනවලින් යනවා දැක පුරුදු පින්නවල “තනියෙන් ඩ්‍රයිවින් දැන් අමාරුයි” කියා ත්‍රීරෝද රථයක නැඟ ගියේය.


සිරුර වාරු මදි වුව දැන් ද ඉදහිට දුරකතනය ඔස්සේ ගලා එන හඬ තරුණ්‍යය.විටෙක අතිත මතක අස්සේ රිගා හයියෙන් සිනාසෙන්නේය.ඉතාම ඈත දවසක මතකයක් සූක්ෂම ආකාරයෙන් ජයගත් ආකාරය කියන හඩ පෞරුෂය පෙර සේ මය.ජාත්‍යන්තර කීර්තියට පත් මලල ක්‍රීඩා චරිතයක් හා ඔහු හා සබැඳි රසවත් කතා පුවතක් මුමුණන්නේ පෙර ඇසූ ආස්වාදනීය හඬින්මය.කතාවේ අවසානයට එන්නේ පුරුදු ඉල්ලිමය.
“දකින්න ආසයි එන්නකො”
ඉස්සරත් එහෙමය.


ඉස්සර කතා බොහොමයකි.ඔහුව දැඩිව විවේචනය කරමින් ලියපු සටහනකදි එය ඔහු අතට පත් වූ සැනින් පළමු දුරකථන ඇමතුම ද ඔහුගෙන්ය.ඔහුට ඒ සඳහා කියන්නට දහසකුත් කාරණාය.ඒ එකක්වත් නොවන කාරණාවක් මට සටහනට අදාළ වී ඇත.ඔහු එයට ගරු කරන්නේය.සමහර දේවල් ඔහුගේ පාලනයෙන් මලල ක්‍රීඩා සංගමයේ නිල සබඳතාවලට පැවරුණේ ද ඒ අනුවය.එහෙත් වෛරයක්,තරහවක් වෙනුවට අපි අපිට අනන්‍ය වූ ප්‍රති විරෝධතා මැද මේ දක්වාම සමීපතම මිතුරන්ව සිටින්නෙමු.ඒ සමහර මගේ රළු විවේචනවලට ද ආදරණිය ඇගයීම්වලට ද බාධාවක් නොවන සේ ය.
වරක් ඉන්දියාවේ අපි යොවුන් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ආවරණය කරන්නට ගොස් සිටියෙමු.අපි යනු මාධය ආයතන කිහිපයක මාධ්‍යවේදියෝය.විවිධ ගුවන් යානා මඟින් අපි ඉන්දියාව බලා පිටත් වුණෙමු.ඒ කිසිවෙකුට ශ්‍රී ලංකාවේදී දැන ගන්නට ලැබුණු පරිදි නවාතැන් පහසුකම් නැත.සමහර අව පැමිණ රෑ පහන් කර තිබුණේ බඩු භාහිරාදිය සමඟ ගස් යටය.තරගාවලිය ආරම්භය දවසේ ක්‍රීඩා පිටියට එන බොහෝ අයට නවාතැන් නැත.එසේ අර්බූදයක සිටියදි එහි එන සුරේෂ් කල්මාඩි අපව අමතන්නේ ඔහුගේ මිත්‍රයා වන ප්‍රේමාගේ රටේ මාධ්‍ය මිතුරෝ හැටියට ය.විස්තර අසන ඔහුට දැන ගන්නට ලැබෙන්නේ අප සමහරෙක් පෙර දින රැය මහමඟ ගස්යට ගත කර ඇති බවය.


ඔහු අපෙන් සමාව ඉල්ලන්නේ ප්‍රේමා වෙනුවෙන්ය.ඒ ප්‍රේමා පින්නවලය.තරු තුනක හෝටලයක එතැන් සිට අපට සියලු පහසුකම් සමඟ නවාතැන් පහසුකම් ලැබෙන්නේය.
තායිලන්තයේදී මෙන්ම සංචාරය කළ බොහෝ ක්‍රීඩා ඉසව් ආවරණයේදී ක්‍රීඩාවට සම්බන්ධ විදෙස් ප්‍රභූ තරිත කතා කරන විට ශ්‍රී ලංකාවේ පිරිස් ඔවුන්ගේ මිත්‍ර ප්‍රේමාගේ රටේ අය සේ හැඳින්වීම ගැන අත්දැකීම් කොතෙකුත්ය.
එක්තරා ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලට මහින්ද රාජපක්ෂ සහභාගි වෙන්නේ ජනාධිපති වෙන්නට පෙරය.ඔහුට ක්‍රීඩා ප්‍රභූන් අතර පිළිගැනීමක් නැත.නමුත් ප්‍රේමා ඔහුව ඉදිරි පෙළින්ම හිඳුවා තබන්නේ “අවර් නෙක්ස්ට් ලීඩර්’ යන අනවර්ථ නාමයෙන් ය.මහින්ද රාජපක්ෂ ද එම කතාව ජනාධිපති වූ පසුත් කියූ බව අපි දනිමු.ඒ නිසාම මහින්දගේ විශාල ගෞරවයක් ඇත.එහෙත් ඔහු අගමැතිව සිටි සමයේ හමු වී කතා බස් කරන්නට අවස්ථාවක් ඉල්ලා සිටි විට එය මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩලය මඟ හැර ගියේය.නමුත් ඒ පූර්ව අනාවැකිය නිසා ප්‍රේමා පින්නවල යනු වසර එකොළහක් මහින්ද රජපක්ෂ ජනාධිපතිවරයා සිය ක්‍රීඩාව සම්බන්ධ උපදේශක තනතුරෙහි තබා ගත් පුද්ගලයාය.
ඒ තනතුර ගැන සතුටුද?
මම වරක් ඔහුගෙන් ඇසුවෙමි.
“සතුටුයි.මං කියපු දේවල් මං කැමති දේවල් ම වුණා කියන්නෙ නැහැ.හැබැයි මනුස්සෙක් අපට ගෞරවයක් ඇතිවයි යමක් දෙන්නෙ.මං මං ගැන දක්වපු ගෞරවයට කැමතියි.”
ප්‍රේමා පින්නවල ඒ වචන ටිකේ හරියටම ඇත.ඔහු කිසිවෙක් තරහා කරගන්නේ නැත.නමුත් නිවැරදියි කියන්නෙත් නැත.ඒ හැඩයට මා අකමැති වුණත් ඔහු කියන්නේ, “මට කරන්න බැරි දේවල්,කරන්න බැරි කතා හැසිරිම් උඹට තියෙනවා.මං ඒකට ආසයි. කරන්න පුළුවන් ඒවටම නෙමෙයි කෙනෙක් ආසා වෙන්න ඕනි”
මේවා මටනම් විටෙක අපූරුය.සංයමයක් සහිත හැසිරීම් ලකුණක්ය.ඒවා නිසාම ඔහු රටක් නොව ලෝකයක් දිනන්නට ඇත.


මීඩියා හැසිරෙන්න ඕනි හැටි මං දන්නවා.හැසිරෙන හැටිත් දන්නවා.ඒවා සිද්ධවෙන්න හේතු තියෙනවා.මෙහෙ මීඩියා නෙමෙයි ගොඩක් වෙලාවට වැදගත් පුද්ගලයා.ඒ නිසා මීඩියාම නොවන දේවප් මිඩියා හැටියට තියෙන්න පුළුවන්.මං අවුරුදු 8 ක් ඒෂියන් ඔලිම්පික් එකේ මීඩියා එක කරානෙ.
ඔහු හේතු සියල්ල කියා අවසානයේ දී ඒ දැණුම ආ තැන කියන්නේය.රටවල් හතළිස් පහක මාධ්‍යය භාවිතාවන් ගැන ඉවක් සහ දැණුමක් ඇති පැහැණු මනුස්සයාගේ සම්පූර්ණ ක්‍රීඩා පරිපාලන කාලය අවුරුදු 40 කි.හරියටම ජීවිතයෙන් අඩකටත් වැඩිය.


ඒ කාලය ඇතුළේ පින්නවල වැනි ජාත්‍යන්තර භූමිකාවක් ලංකාවේ හැදුණේ නැත්තේ ඇයි?
කිසිවිටෙක එයට පිළිතුරක් නැත.තමන්ගේ ආරක්ෂාව පිණිස ඒ දේ කළාද?එසේ කියන්නට නොහැකි ඔහු පරිපාලනය දරන සමයේ බොහෝ අය ඔහුගේ ජාත්‍යන්තර මිතුරන්ගෙන් උපකාර ලබා ගෙන මිතුරුකම් දැන හඳුනාගැනිම් වර්ධනය කරගෙන ගොස් තිබෙන බවට සාක්ෂි තිබෙන නිසාය.
කාරණා දෙකක් විය හැකිය.ම ඒ කාරණා දෙකම ඔහුගෙන් අසා ඇත.එකක් ඇසුර මිතුරුකමක් සේ නඩත්තු කරන්න පරිනත නැතිකමය.එසේත් නැතිනම් ඒ හඳුනාගැනීම් තමන්ගේ අවශ්‍යයතාවයට කර ගැනීම පමණක් වූ අයෙක්ට ඒ සීමාවෙන් එහාට වැඩ කරන්නට අපහසුය.හේතු නැත.
ඒ දෙකම ඇසුව විට ප්‍රේමා පින්නවල අතින් කට වසාගෙන සිනා සුණා හැර පිළිතුරක් දී නැත.
නමුත් සුගත් තිලකරත්න සභාපතිව සිටි සමයේ ඔහු තනතුරක් නොදැක් වුව දසමන් කුමාර ගුණවර්ධන සුගත් හා එක්ව පින්නවලගේ දැන හඳුනා ගැනිම් යොදා ගෙන ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ දක්ෂයන් වෙනුවෙන් වැඩ සටහනක් ක්‍රියාත්මක කරන්නට එකඟතාවය ලබා ගත්තේය.නමුත් සුගත් පරිපාලන වෙනසෙන් පසුව එය සිඳු නොවිණ.කළාපීය සුදුසුකම් අවධානයට ලක් කර දකුණු ආසියානු උළෙල ගත්තද වැඩි දසක්ම ශ්‍රී ලංකාව සතු එම ඉසව්ව ගැන කරපු අවධානය ක්‍රියාවට නොනැඟුණ අතර දැන් ඉන්දියාව ඔලිමිපික් පදක්කම් ද පකිස්තානය පොදු රාජ්‍ය මණ්ඩලිය පදක්කම් ද දිනා ගෙන පෙරට ගොස් ඇත.
තව පින්නවලගෙන් වැඩ ගත හැකිය.එහෙත් ඒ මොහොත ගෙවා ගන්න මිස දිගු කාලීන සැළසුම් සහිත නිර්මාණශීලි අදහස් ඊට අවශ්‍යය වන්නේය.එහෙත් එවැනි දේ අවශ්‍යය කාට ද/බොහෝ අයගේ සිතුවිලි පරම්පරාව ජාතික විය යුතුතේ සහ ජයගත යුත්තේ මගේ ක්‍රීඩා කණ්ඩායමේ අය ය යන්නය.අපි බෙදෙන කොටුවෙන සීමා නිසාම ඉස්සරහට යන්න අමාරු ජාතියක්ය.ඒ නිසා ප්‍රේමාගේ ප්‍රේමණිය සම්බන්ධකම් ද ප්‍රේමාගේ ළඟම නැවති ඇති අතර යම් යම් අඩු පාඩු පිළිසකර කර ගැනිමෙන් ඔබ්බට ඒවායෙන් වැඩිපුර වැඩක් ගෙන නැත.


මෑතකදී සිඳු වූ කොළොම්ඹියානු ජගත් කණීෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා එහි ගිය කණ්ඩායමට යන්නට පෙර සිටම ප්‍රශ්න බොහෝ විය.එම සංචාරය නිමා කර සියල්ලන්ට එකවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි ආකාරයේ ගැටළුකට මැදි වන්නට වූයේ කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසාය.ඒ අවස්ථාවේ දුරු රටක කෑම බීම සහ නවාතැන් සඳහා ද මුදල් නැතුව හුදෙකලා වූ අවස්ථාවේ කොළොම්ඹියා මලල ක්‍රීඩා ප්‍රධානියා තමන්ගේ හිතමිත්‍රයා වන ප්‍රේමාගේ රටේ කණ්ඩායමට සියලු පහසුකම් දෙන්නට මැදිහත් වන්නේය.එසේම ආසියානු කණිෂ්ඨ තරගාවලිය සඳහා කුවේට් බලා යන කණ්ඩායමට ද එරට මලල ක්‍රීඩා ප්‍රධානීන්ගේ විශේෂ අවධානය යොමු වන්නේ ප්‍රේමාගේ ප්‍රේමය නිසාමය.
ඔහු පේරාදෙණියේ සරසවියේ නිකංම නිකං පොත් අතර ඇස් දිවෙව් අයෙක් නොවේය.ඔහුගේ හැකියාවන් දේශන ශාලාවෙන් මෙපිටට ද පැමිණ ක්‍රීඩා පිටියේ ද,නාට්‍යකරුවන්ගේ ආදරණියම ස්ථානය වන වලට ද පැන හැඩ වූ එකක් විය.මහාචාර්ය සරත්චන්ද්‍රගේ සිංහබාහු වැනි නාට්‍යවලට සම්බන්ධ වූ ප්‍රේමා පින්නවලට එහි ගායක කණ්ඩායමේ ඉඩ හැඳී ඇත්තේ ගායනය නිසාය.මහාචාර්ය සරත්චන්‍රද සම්බන්ධයෙන් මහා ගෞරවයෙන් කතා කරන ප්‍රේමා පින්නවල ක්‍රීඩාවෙන් බැහැරට එවැනි විෂයක් ගැන ද,කලා කේෂ්ත්‍රයේ පැරණි මිතුරන්ගේ මතක ද සමරන්නේ බොහෝ සතුටෙන්ය.
ඔහු ඒ ප්‍රේමය සඳහා විදේශ සංචාරවලදී සිය මිත්‍රයන්ට කිලෝ ගණනින් පුදන විශේෂ ත්‍යාගයක් ඇත.ඒ තේ කොළය.බොහෝ විට එක් අයෙකුට එක් කිලෝ එකකි.නැතිනම් දෙකකි.ඒත් ඒ පිරිසිදු රසට ලොවම වසඟ කරන්නට හැකිය.එසේ ශ්‍රී ලංකාවේ තේ කොළ රසට ලෝකය වසඟ කරවා ගත් නොනිල දූතයෙක් ලෙස ද ප්‍රේමා පින්නවල ගත හැකිය.


ඔහු වරක් මෙරට ජාතික ඔලිම්පික් කමිටුවේ ද ලේකම්වරයාව සිටියේය.ලෝකයේ ක්‍රීඩා පරිපාලනය සම්බන්ධ බොහෝ චරිත ප්‍රේමා පින්නවලට සළකන්නේ ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨයෙක් ලෙස ය.නමුත් අද ඒ සියල්ලෙන් ප්‍රයෝජනයක් නොකර “වයසක” යන ලේබලය ගසා නිවසේ තබා ඇත.එහෙත් බොහෝ තරුණ පරිපාලකයන්ට ඔහුගෙන් ගත හැකි උපදෙස් බොහෝ වේ.මේ තීරණය පිටුපස සිටින බලපෑඹ එල්ලවන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේය.කෙළින් ඇවිදින්න බරි පරානයක් 2019 දී වේදිකා ගානේ අල්ලාගෙන ඇවිද්දා බලය ලබාගත් කණ්ඩායමක නියෝජිතයෙක් වන ක්‍රීඩා අමාත්‍යවරයා ඔහුගේ දේශපාලන ජීවිතයේ වැඩිම වරක් වර්ණනා කරේද?බලය ලබා දීම සඳහා කටයුතු කළේ ද ඔහු කියූ 70 පැනපු නොහැකි අයට ය.
ලෝකය ගත් විට ක්‍රීඩාව වෙනුවෙන් හොඳට ඔළුව වැඩ කරන අත්දැකීම් සහිත අය වියපත් වුව ද වැඩ කරන්නේය.බොහෝ විට සමස්ත රටට නායකත්වය දෙන්න යද්දී මිනිස්සු වැඩි අවධානයක් ඉදිරිපත් වී සිටින පිරිස අතරින් තරුණකම වැඩි අයෙක්ට යොමු කළත්,ක්‍රීඩාව වැනි තරගකාරී සහ වෘත්තීයමය පසුබිමක් ඇති වටපිටාවක අත්දැකීම් මුල් කර සිතන වැඩ පිළිවෙළක් ඇත.එසේම ඔවුන්ව අත්පිස්නා සේ පිසඳා විවෘත කරන්නෙත් නැත.එහෙත් ලංකාවේ එවැනි අත්දැකීම් ඇති අයගෙන් පරිපාලන උපදෙස් ගැනීම වෙනුවට හිතවත් පොලිස් නිලධාරියෙක් කැඳවා ක්‍රීඩාව කරන්න උථ්සාහ කරන්න ක්‍රීඩා අමාත්‍යවරයා ඔහු ක්‍රීඩා අමාත්‍ය පුටුවේ සිටියදි සම්පූර්ණයෙන් සම්පූර්ණයෙන් ක්‍රීඩකයින් පොලිස් කර අතු ගා විනාශම කර දැමිය හැකිය.

එහෙත් කාට අමතක වුව ද,ක්‍රීඩා කේෂ්ත්‍රයේ බොහෝ දෙනෙක් හෙටත් පින්නවල ස්ර් යනුවෙන් විදේශ සංචාරයකදී මතුවන ගැටළුව නිරාකරණය කර ගන්නට ඔහුව අමතනවා ඇත.විදේශික ක්‍රීඩා ප්‍රභූන් ප්‍රේමා යැයි නිතර අමතා අදහස් බෙදා ගන්නවා සැක නැත.ඇත්තටම කෙතරම් විවේචන එල්ල වුණ ද,ඊට හිනා මුසු මුහුණින් දරාගෙන තමන්ගේ පැත්තේ කතාව කියන්නට නිහතමානී වුණා හැරෙන්නට චන්ඩි පාට් නොදැමූ ප්‍රේමා පින්නවල ලෝකයක් දිනූ ප්‍රේමය දිනාගත හැකි මාවත සහ පාඩම් අනාගත පරපුර උගත යුතුය.ඔහු ක්‍රීඩාවේදි විවේචන සහිතව වුව ද අමතක කළ නොහැකි සුවිශේෂීම විශිෂ්ඨයෙකි.
ඒ ප්‍රේමය අපූරුය.හෙට වෙනුවෙන් උගත යුතුය.
ප්‍රේමා… ලෝකයම දන්නා හඬින් අමතා අපි ඔබට මෙසේ කියන්නෙමු.
ඔබට දිගු ආයු සම්පත්තියම තවත් තවත් හිමි වේවා.!


නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan