සමගි ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Date:

සමගි ජන බලවේගයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 වසරේ අය-වැය තුළින් වෙන් කර තිබෙන මුදල් ප්‍රතිපාදන මැතිවරණ කොමිසම වෙත නිකුත් නොකිරීමට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු වග උත්තරකරුවන් ගෙන තිබෙන තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු එහි සාමාජිකයින්, රජයේ මුද්‍රණාලයාධිපතිනිය ඇතුළු නව දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන 2023 වසරේ අය වැය තුළින් වෙන් කර තිබුණද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම මුදල් ප්‍රතිපාදන මුදා හැරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මැතිවරණ කොමිසමට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන බවයි.

මේ හේතුවෙන් තැපැල් ඡන්ද විමසීම ද දින නියමයක් නොමැතිව කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බවත් පෙත්සමේ සඳහන් වේ.

2023 වසරේ අය වැය තුළින් මැතිවරණ කටයුතු සඳහා පාර්ලිමේන්තුව මගින් මැතිවරණ කොමිසම වෙත රුපියල් බිලියන 10 ක මුදලක් වෙන් කර අනුමත කර දී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු එසේ වෙන් කළ මුදල් මැතිවරණ කටයුතු සඳහා මුදා නොහැර සිටීමට වගඋත්තරකරුවන්ට හැකියාවක් නොමැති බව ද පෙන්වා දී තිබේ.

මේ තුලින් මහජනතාවට තම ඡන්ද අයිතිය භුක්ති විඳීමට තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙන්වා දෙන පෙත්සම්කාර රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ තුළින් වගඋත්තරකරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කර තිබෙන බවත් පෙන්වා දී තිබේ.

එබැවින් පලාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කිරීමට බාධා පමුණුවන ආකාරයෙන් නිකුත් කර තිබෙන චක්‍රලේඛ අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට හා නීතිපතිවරයාට නියෝග නිකුත් කර ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය කරන ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් වෙත මුදාහරිණ ලෙස රජයේ මුද්‍රණාලාධිපතිනිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් තවත් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

ඊට අමතරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 වසරේ අයවැයෙන් වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන වෙනත් රජයේ කටයුතු සඳහා යෙදවීම වැළැක්වීමේ අතුරු නියෝගයක් මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට නිකුත්කර ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...