*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/24

  1. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ නිල දිනයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව තවම තීරණයක් ගෙන නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – මැතිවරණය කල් දමා නැති බවත්, කල් දැමීමට මැතිවරණයක් ඇත්තේ නැති බවත් පවසයි.
  2. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන පරිදි මැතිවරණයක් නීත්‍යානුකූලව ප්‍රකාශයට පත් කර නැති නම් එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණය සඳහා තම නාමයෝජනා භාරදුන්නේ මන්දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වධීන වූ පා.ම. ඩලස් අලහප්පෙරුම ප්‍රශ්න කරයි – ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය සහමුලින්ම සාවද්‍ය බව පවසයි – පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දැමීම පිටුපස සිටින්නේ කවුරුන් ද යන්න දැන් මනාව පැහැදිලි වන බව ද පවසයි.
  3. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දමන මෙන් ඉල්ලා විශ්‍රාමික හමුදා කර්නල් ඩබ්.එම්.ආර් විජේසුන්දර විසින් ගොනුකළ රිට් පෙත්සම විභාග කිරීම මැයි 11 වන දින දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
  4. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස සමඟි ජන බලවේගයේ පා.ම. මයන්ත දිසානායක පත් කරයි – මේ පිළිබඳව තමාට දැනුම් නොදුන් බව පවසමින් පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී මැසිවිලි නඟයි – රජයේ ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස සමඟි ජන බලවේගයේ පා.ම. එරාන් වික්‍රමරත්න ඡන්ද 16 ට 7 ක් ලෙස පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. මහාචාර්ය රංජිත් බණ්ඩාර තේරී පත්වෙයි.
  5. කිසිඳු අධිකරණයකින් හෝ නියම කළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමා අත්සන් නොතබන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තීරණය කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියි.
  6. බත්තරමුල්ලේ අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාව මත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 56 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ – අත්අඩංගුවට පත් වූ පිරිස අතර, පිටිපන බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බෞද්ධ භික්ෂූහු ද ඇතුළත් වෙති.
  7. මෑත දින සංශෝධනය කළ විදුලිය ගාස්තු නිසා හෝටල්කරුවන් තම පැවැත්ම සඳහා අරගලයක නිරත වන බව උණවටුන හෝටල්කරුවන්ගේ සංගමයේ ලේකම් සුමිත් උබේසිරි පවසයි – වර්තමානයේ පවතින තත්ත්වවල තිබෙන අප්‍රියජනකබව කොපමණ ද කිවහොත් මෙම කර්මාන්තය ඉදිරියටත් පවත්වාගෙන යා හැකි ද නොහැකි ද යන්න පිළිබඳව නුදුරේදීම ඔවුන් විසින් තීරණයක් ගනු ඇති බව ද පවසයි.
  8. කැබිනට් මණ්ඩලය, මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති 261 ක ප්‍රගතිය සමාලෝචනය කරයි – ඇතැම් සංවර්ධන කටයුතු සඳහා බැඳී පවතින විදේශ මුදල් අත්හිටුවීම මත, බොහෝ ව්‍යාපෘතිවල ප්‍රගතිය ඉතා මන්දගාමී බව ද නිරීක්ෂණය කරයි – ආර්ථික අර්බුදය මත අවශ්‍ය මුදල් වෙන් කිරීමට ඇති අපහසුතා පිළිබඳව ද කරුණු දක්වයි.
  9. මෙම වර්ෂයේ කටාර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික සබඳතාවල සැලකිය යුතු සංවර්ධනයක් සිදුවීම ආරම්භ වී ඇති බව ශ්‍රී ලංකාවේ කටාර් තානාපති මෆාස් මොහිදීන් පවසයි – තවදුරටත් මෙම සහයෝගීතාව වැඩිදියුණු කළ හැකි ආකාර පිළිබඳව දෙරට සොයමින් සිටින බව ද පවසයි.
  10. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත්කර තිබේ – මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, 2022 වර්ෂය සඳහා රු. බිලියන 6.3 ක ශුද්ධ ලාභයක් උපයයි – මෙය ඉතිහාසය තුළ ඔවුන් ඉපයූ දැවැන්තම වාර්ෂික ශුද්ධ ආදායමයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan