තණකොළ වලට වටිනාකමක් ….

Date:

කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ ගුණාත්මක බවින් උසස් හා වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි තෘණ විශේෂ වන CO3, CO5, Pachon, හා Napier වර්ගවලට අයත් උසස් තෘණ විශේෂ, වෙනත් බෝග වගා කිරීමට නොහැකි ඉඩම්වල වගා කිරීමයි. එමෙන්ම කණකොළ වගා කිරීම කෘෂි බෝගයක් ලෙස නම් කිරීමටත් පියවර ගෙන ඇත.

අපේ රටේ කිරිගව පාලනයේ යෙදී සිටින ගොවීන් හා කර්මාන්තකරුවන්ට දෛනිකව ගවයින්ගෙන් ලබා ගත හැකි කිරි ප්‍රමාණය පහත වැටීමට ගුණාත්මක බවින් ඉහළ තණකොළ නොතිබීම එක් හේතුවක් වන අතර මෙරට සත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොළ වගා කිරීම ව්‍යාපාරික මට්ටමෙන් හෝ පුද්ගලිකව හෝ ප්‍රමාණවත් අයුරින් සිදු නොවන නිසා සත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොළ ප්‍රමාණවත් පරිදි නොලැබීම මෙරට සත්ව නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය සදහා ඉහළ බලපෑමක් එල්ල කර ඇත.

පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් සමග පැවැති සාකච්ඡාවක දී සත්ව ආහාර සැකසීම සදහා මෙරට උසස් තණකොළ නොමැතිකම සම්බන්ධව එම කර්මාන්තකරුවෝ අදහස් පළ කළහ. ගොවීන් අලෙවිය සඳහා තණකොළ වගා කරන්නේ නම් ඒවා ඉහළ මිලකට මිල දී ගැනීමට හැකියාව ඇති බවත්, එසේත් නැත්නම් රජය විසින් තෘණ වගාව සඳහා අවශ්‍ය ඉඩම් ලබා දෙන්නේ නම් තම මුදල් ආයෝජනය කර තණකොළ වගා කිරීමට හැකියාවක් ඇති බවත් ඔවුහු ප්‍රකාශ කළහ.

විශේෂයෙන් කිරිගව පාලනයේ දී ගවයින් සඳහා ලබා දෙන සයිලේජ් Silage නිෂ්පාදනය සඳහා ද තණකොළ අවශ්‍ය වේ.

එමනිසා ශ්‍රීලංකාවේ තණකොළ වගාව කෘෂිකාර්මික බෝගයක් ලෙස වගා කිරීම සඳහා එය කෘෂි බෝගයක් ලෙස නම් කරන ලෙස සත්ව නිෂ්පාදන කර්මාන්තකරුවෝ ඉල්ලීම් කළ අතර එමඟින් තණකොළ වගා කිරීම මගින් ගොවීන්ට අමතර ආදායමක් උපයා ගැනීමට ද එමගින් ඉඩ සැළසෙයි.

මෙම කාරණය සැළකිල්ලට ගනිමින් මෙන්ම දැනට අපේ රටේ සත්ව නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනයට ගෙන යන වැඩ පිළිවෙළ අනුව තණකොළ කෘෂිකාර්මික බෝගයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එබැවින් කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ , දැනට අපේ රටේ පුරන් කුඹුරු අක්කර 47,000ක් පමණ ඇති අතර බස්නාහිර පළාතේ කිසිදු බෝගයක් වගා කළ නොහැකි පුරන් කුඹුරු අක්කර 11,000ක් පමණ හඳුනාගෙන තිබේ. එම පුරන් කුඹුරුවල මෙන්ම බෝග වගා කළ නොහැකි ඉඩම් තෝරාගෙන එම ඉඩම්වල සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය තණකොළ වගා කිරීමට ගොවීන්ට අවශ්‍ය පහසුකම් සැළසීමටයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...