කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85072 ක් අයදුම් කරයි.

Date:

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසන්නේ ,දකුණු කොරියාවේ නිෂ්පාදන සහ ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් තෝරා ගැනීම සඳහා මෙම වසරේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85072 ක් අයදුම්කර ඇති බවත් කොරියානු භාෂා පරීක්ෂණය සඳහා මෙතෙක් අයදුම් කළ වැඩි සංඛ්‍යාව මෙය බවත්ය.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට පසුගිය වසරේදී ඉදිරිපත් වී ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව 31,378 ක් පමණ වන අතර ඊට සාපේක්ෂව මෙවර විභාගය සඳහා ඉතා ඉහළ සංඛ්‍යාවක තරුණ තරුණියන් පිරිසක් අයදුම්කර තිබේ.

මෙම අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම ද කාර්යාංශය මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ අනුව 13,000 කට අධික තරුණ තරුණියන් පිරිසක් මේ සඳහා මේ වන විටත් විභාග ප්‍රවේශපත්‍ර ලබාගෙන තිබේ.

මේ අනුව නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය ලබන මාර්තු 13 දින ආරම්භවීමට නියමිත අතර ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා විභාගය ලබන සැප්තැම්බර් 1 දින ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇත. මෙම විභාග පන්නිපිටිය කොරියානු පරිගණක ආශ්‍රිත විභාග මධ්‍යස්ථානයේදී පැවැත්විමට නියමිතය.

මෙම කොරියානු භාෂා පරික්ෂණ විභාගය සහ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා...

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...