සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ ඉලක්ක ජනපති පැහැදිලි කරයි

වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයන් සමඟ පසුගියදා (23) පැවති හමුවකට එක් වෙමිනි.

සංචාරක කර්මාන්තයට අදාල ගැටළු සහ අදහස් සාකච්ඡා කිරීමේ අරමුණින් “සංචාරක ක්ෂේත්‍රයේ පැවැත්ම සහ අභියෝග ජයගැනීම ” මැයෙන් සංවිධානය කර තිබූ මෙම හමුව හික්කඩුව සිට්‍රස් හෝටලයේ දී පැවැත්විණි.

වසරකට සංචාරකයින් ලක්ෂ 20 කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සහ දිනකට ඩොලර් 500ක් වියදම් කළ හැකි සංචාරකයන් ගෙන්වා ගැනීම අපේක්ෂාව බවත් එම සැලසුම් ක්‍රියාවට නැංවිම සඳහා කමිටුවක් පත් කර ඇති අතර එම කමිටු වාර්තාව ලැබීමත් සමග එය කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...