අභාවප්‍රාප්ත නීලා වික්‍රමසිංහගේ දේහය බදාදා අළුයම දිවයිනට

Date:

අභාවප්‍රාප්ත නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය එළඹෙන බදාදා (26) දිනයේ අළුයම මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.

ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටි ඒ මහත්මිය හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූයේ පසුගිය 17 වනදා ය.

ඒ මහත්මියගේ දේහය මෙරටට රැගෙන ඒමට පෙර ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව ලබාදෙමින් පෙරේදා (22) දිනයේදී මිලානෝ හි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබිණි.

දේහය මෙරටට ගෙන ඒමට අදාළ කටයුතු විදේශ අමාත්‍යාංශය මගින් සිදුකෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය අද දිනයේදී තීරණය කිරීමට නියමිත බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“වාම රාජ්‍ය” ෆැන්ටසියක්ද, යථාර්ථයක්ද ?

ඕනෑම මිනිස් සමාජයක් තුල ස්වභාවිකවම පිළිසිඳගන්න අනිවාර්ය මනෝව්‍යාධීන් කිහිපයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 21) දිනයේදී නැගෙනහිර, ඌව...

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...