හැමදාම ආණ්ඩු වැටුනෙ විපක්ෂයේ හැකියාව නිසා නෙවෙයි ආණ්ඩුවෙම අඩුපාඩු නිසා – සරත් ෆොන්සේකා

Date:

පැරණි සාම්ප්‍රදායික ගමනේම නිරත වන්නේ නම් සමගි ජන බලවේගයටද පැවැත්මක් නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. රටේ බලය ලබා ගත්තද අලුත් ගමනක් නොමැති නම් බලය පවත්වාගෙන යාමට නොහැකි බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

හැම අවස්ථාවකදීම ආණ්ඩු බිඳ වැටෙන්නේ එම ආණ්ඩුවලම දුර්වලතා හේතුවෙන් මිස විපක්ෂයේ හැකියාව මත නොවන බව පෙන්වා දෙන සරත් ෆොන්සේකා මහතා පවසන්නේ යහපාලන ආණ්ඩුවට සිදු වූයේද එවැනි දෙයක් බවයි. යහපාලන ආණ්ඩුව තුළ බොහෝ දුර්වලතා තිබූ බවත්, ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට සමත් නොවූ බවත් පවසන මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එවැනි පාලනයක් බිඳවැට්ටවීමට විපක්ෂයට විශේෂ හැකියාවක් අවශ්‍ය නොවන බවයි.

වත්මන් ආණ්ඩුවද මේ වනවිට ඉතා වේගයෙන් පිරිහෙමින් තිබෙන බවත්, සමගි ජන බලවේගයට ඉදිරි මැතිවරණයකදී ආණ්ඩු බලය ලබා ගැනීමට සැළකිය යුතු අවස්ථාවක් තිබෙන බවත් ඔහු පවසනවා. කෙසේ නමුත් ආණ්ඩු බලය ලබා ගැනීමට පෙර සිටම රටේ මෙතෙක් සිදු වූ වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීමට පක්ෂය කටයුතු කළයුතු බවත් ෆොන්සේකා මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...