ජනපති සමග සාකච්ඡා අසාර්ථකයි. වැඩවර්ජනය කරනවාමයි – ඉහළ වෘත්තීය සමිති

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ (25) දිනයේදී පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වූ බව ඉහළ පෙළේ වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

ඒ අනුව, තමන් පෙර සැලසුම් කළ පරිදි මාර්තු 01 වනදා සිට වැඩවර්ජන ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

වෛද්‍ය, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, විදුලි ඉංජිනේරුවරුන්, වරාය, බැංකු ඇතුළු ඉහළ වැටුප් ලබන වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති 40ක් පමණ මෙම සාකච්ඡාවට සහභාගී වී තිබිණි.

තම වැටුප් මත පනවා ඇති බදු කඩිනමින් අඩුකර සහන ලබාදෙන මෙන් එම වෘත්තීය සමිති බලකර තිබුණු අතර රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ එවැන්නක් කළ නොහැකි බව මුදල් අමාත්‍යාංශය, මහබැංකුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරන බලධාරීන් පවසා ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...