කටුනායක ගුවන් තොටුපලේ OIC ඇතුළු පොලීසියේ 4ක් අත්අඩංගුවට !

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 4 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපල පොලීසියේ ස්ථානාධිපතිවරයා, සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ව්‍යාජ නමකින් පෙනී සිටිමින් ඩුබායි රාජ්‍ය බලා යාමට පැමිණි සැකකරුවකු ගුවන් තොටුපලේදී අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙකී පොලිස් නිලධාරීන්ව අත් අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු පුද්ගල ඝාතන ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ පුද්ගලයකු වන අතර ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා තිබී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ගෝඨාභයත් අධිකරණයට එයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (28) කොළඹ කොටුව...

නාමල්ගේ ඇප නියෝගය ලබන 03 වැනිදාට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඞ් භාරයට පත්කර...

Harry Kane: ‘කුසලතාවයට වඩා නොපසුබස්නා උත්සාහය දිනයි’

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2001 වසරේදී මයිකල්...

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මි. 270ක ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : උතුරු පළාතේ මිරිදිය...