ආසාදිතයන් ඉහළ යාමත් සමග යළිත් රෝහල් ධාරිතාවය අර්බුදයට යන ලකුණු!

Date:

කොවිඩ් වසංගතය යළිත් ක්‍රමයෙන් ඉහළ යාමේ තත්වයක් වාර්තා වන බවත්, මෙම තත්වය මත යළිත් රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාර කටයුතුවලට යම් බලපෑමක් එල්ල විය හැකි බවත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන ගජනායක මහතා පවසනවා. මේ වනවිටත් සාමාන්‍ය ශල්‍යකර්ම සඳහා යම් බලපෑමක් සිදුව ඇති බවයි වෛද්‍යවරයා සඳහන් කරන්නේ.

කොවිඩ් ආසාදනය වන පුද්ගලයන්ගේ ප්‍රමාණය ඉහළ යාමත් සමග අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන් ප්‍රමාණයද ඉහළ යන බවත්, ඔවුන් සඳහා දැඩිසත්කාර ඒකක වෙන් කිරීමට සිදුවන බවත් ගජනායක මහතා ප්‍රකාශ කරයි. මෙම තත්වය මත සාමාන්‍ය රෝගී කටයුතු අඩාල වීම මෙන්ම අත්‍යවශ්‍ය ශල්‍යකර්ම කල්දැමීමට පවා සිදුව තිබේ.

මේ වනවිට සෞඛ්‍ය සේවකයන් කිහිප දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති අතර ඉදිරියේදී කොවිඩ් ආසාදිත සෞඛ්‍ය සේවකයන් ප්‍රමාණය ඉහළ ගියහොත් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය තවදුරටත් තීව්‍ර කරනු ඇත. බොහෝ රෝහල්වල වෛද්‍ය හිගයක් මෙන්ම හෙද මෙන්ම වෙනත් කාර්ය මණ්ඩලයේ හිගයක් පවතින බැවින් ඔවුන් ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය වී ඇති බවද චන්දන ගජනායක මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුදයට යාම වළක්වා ගැනීම වෙනුවෙන් රටේ සියලුදෙනා ඉතා වගකීමෙන් කටයුතු කළයුතු බවද ඒ මහතා අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...