පැරෂුට් ක්‍රමයට වී වගාව සඳහා රුපියල් මිලියන 400ක්!

Date:

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් , මෙම වසරේ දී කුඹුරු අක්කර 13,000ක් පැරෂුට් ක්‍රමය යටතේ වී වගා කිරීමට රුපියල් මිලියන 400ක් වෙන් කළ බව පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ චීනයේ අතිසාර්ථක වී වගා ක්‍රමයක් වන පැරෂුට් වගා ක්‍රමය දැනට ලංකාවෙි භාවිත වුවද තවමත් එම ක්‍රමය පිළිබඳ නිසි අවබෝධයක් අප රටේ ගොවි ජනතාවට නොමැති බවත්, මේ නිසා පැරෂුට් වගා ක්‍රමය ව්‍යාප්ත කිරීම සඳහා පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

රටේ වී වගාවේ අස්වැන්න ඉහල නැංවීමට නම් නව වගා ක්‍රම හඳුන්වා දිය යුතු බව පැවසූ අමාත්‍යවරයා පැරෂුට් ක්‍රමය භාවිතා කිරීම මගින් අක්කරයකින් දැනට ලැබෙන වී අස්වැන්න ඉහළ නැංවීමටත් ගොවියකුට ලැබෙන ආදායම අක්කරයකට රුපියල් 35,000කින් ඉහළ නංවා ගැනීමටත් හැකිවන බව පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ සාම්ප්‍රදායික ලෙස වී වගාවට වැය වෙන මුදල අවම කර ගැනීම, පොහොර සඳහා වැය වන මුදල අවමවීම, වල් මර්දනය සඳහා වල් නාශක භාවිතය සඳහා යන වියදම අවම වීම, අක්කරයකින් ඉහළ අස්වැන්නක් ලබා ගත හැකිවීම නිසා මෙම වගා ක්‍රමය හැම අතින්ම සාර්ථක වී වගා ක්‍රමයක් බවත් පැරෂුට් ක්‍රමයට වී වගා කිරීම සඳහා අක්කරයකට වී තවාන් තැටි 350ක් පමණ අවශ්‍ය වන බව පවසයි.

කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ මෙම වසරේ මහ කන්නයේ දී සියලුම ගොවීන්ට පැරෂුට් තවාන් තැටි ලබා දීම සම්බන්ධව රජයේ අවධානය යොමු කරන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...