ජාජබ විරෝධතාව අතරතුර තුවාල ලද අයෙකු මරුට !!

Date:

ජාතික ජන බලවේගය ඊයේ (26) කොළඹදී පැවැත්වූ විරෝධතාව අතරතුර තුවාල ලබා රෝහල්ගත කර සිටි අයෙකු ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ ජාතික ජන බලවේගයෙන් නිවිතිගල ප්‍රාදේශීය සභාව සඳහා තරගවැදීමට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයකු බවයි එම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ.

“තුවාල ලැබූ අය 28 දෙනෙකු පමණ රෝහල්ගතකරන්න සිද්දවුණා, කිහිපදෙනෙක් ටිකට් කපාගෙන ගිහිල්ලා තිබුණා. තවත් කිහිපදෙනෙක් ඉන්නවා. එතැනින් දෙන්නෙක්ට කිසියම් අසාධ්‍ය තත්ත්වයක් මතුවෙලා තිබුණා. දැන් වාර්තාවුණා අපිට ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ජීවිතය නැතිවුණා කියලා. නිමල් අමරසිරි කියලා රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රදේශයේ අපේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙක් ලෙස කටයුතු කරන සහෝදරයෙක්” යැයි ඒ මහතා පැවසීය.

නිමල් අමරසිරි මහතා 60 හැවිරිදි අයෙකු වන අතර කඳුළු ගෑස් උණ්ඩයක් මුහුණට වැදීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...