පාතාලයාව ගුවන් තොටුපලෙන් පැන්නූ විහාරාධිපති හිමිනමක් ඇතුළු 3ක් අත්අඩංගුවට !

Date:

කටුනායක ගුවන් තොටුපල පොලිසියේ අත් අඩංගුවේ පසුවූ පාතාල සාමාජිකයකු මුදාගෙන ඔහුට පැනයාමට සැලැස්වූ භික්ෂූන් දෙනමක් හා රියදුරෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හෙට්ටිපොල රිට්ටාදෙනිය ශ්‍රී ජයලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති පොත්තේවල ඉන්ද්‍රසාර හිමි, දිවුල්වැව දීපානන්ද හිමි සහ මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ අඹේවෙල පදිංචි කේ. ඩබ්. ඒ. දිලාන් නමැති අය වේ.

මොවුන්ව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් හෙට්ටිපොල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති අතර එම විහාරස්ථානයේ සිටි වයස අවුරුදු 11ක සාමනේර හිමිනමක් ආරක්ෂාව සඳහා පොලිස් භාරගෙන ඇති බවත් සඳහන්.

මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ මෙම සැකකරු පසුගිය 24 වනදා ව්‍යාජ නමකින් කටුනායක ගුවන් තොටුපලෙන් පිටව ඩුබායි රාජ්‍ය බලායාමට උත්සාහ දරද්දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන පොලීසියට භාරදී තිබුණු අතර ඉහත කී භික්ෂූන් දෙදෙනා සහ රියදුරා විසින් සැකකරු පොලිස් භාරයෙන් මුදාගෙන ගොස් ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...