*
Thursday, September 26, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/28

  1. රට බංකොලොත් යැයි නිවේදනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට කිසිඳු රටකින් ණයක් ලබා ගත නොහැකි බව ජන මාධ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආර්ථික ගුරු බන්දුල ගුණවර්ධන පවසයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව දැන් රජයට මුදල් “මුද්‍රණය” කිරීමට ද නොහැකි බව පවසයි – කෙසේවෙතත්, 2023 පෙබරවාරි 24 වන දිනෙන් අවසන් වන සතිය තුළ රු. බිලියන 31 ක් “මුද්‍රණය” කර ඇති බවත්, ඊට පෙර සතියේ රු. බිලියන 33 ක් “මුද්‍රණය” කර ඇති බවත් මහ බැංකු දත්ත පෙන්නුම් කරයි.
  2. වහා ක්‍රියාත්මක වන පරිදි, ආහාර පාන, ගල් අඟුරු, තෙල්, ඉන්ධන ආදිය සඳහා අවශ්‍ය පොදු ප්‍රවාහන සේවා, සහ මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් ආදී ප්‍රවාහන සේවා නඩත්තු කිරීම “අත්‍යාවශ්‍ය සේවා” බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි.
  3. ජාත්‍යන්කර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ නිකුත් කළ නිල අදහස්වලින් අනතුරුව, කොටස් වෙළඳපොල ආයෝජකයෝ “සිදුවන්නේ කුමක්ද යැයි බලා සිටීමේ” (wait-and-see) ප්‍රතිපත්තියක් අනුගමනය කරති – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම මුල දී ලැබීමට නියමිතව තිබුණේ 2022 දෙසැම්බරයේ වන මුත්, දැන් 2023 දෙවන කාර්තුව දක්වා කල් ගොස් ඇත – සහන සපයන මෙන් චීනය ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටියි – මෙම “ජ්‍යෙෂ්ඨ ණයහිමියන්” යැයි කියාගන්නා ආයතන වත්මන් වැඩරාමුව තුළ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙලින් ඉවත්ව ගොස් ඇති බව ද සිහිපත් කළ යුතුය.
  4. ඇමරිකානු ඩොලර් වලින් මිලදී ගත යුතු ආහාර, ඖෂධ සහ පොහොර ආනයනය කිරීම සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් කොමර්ෂල් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ සම්පත් බැංකුවට වසර 01 ක කාලයකට යටත්ව ඇ.ඩො. මිලියන 400 ක ස්වප් පහසුකමක් ලැබෙයි.
  5. තමා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිධුරයෙන් ඉල්ලා අස්වන බව සමඟි ජන බලවේගයේ පා.ම. මයන්ත දිසානායක පවසයි.
  6. QR කේත ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක වන ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය එළඹෙන අප්‍රේල් 10 වන දින සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි – මේ පිළිබඳ ගනු ලබන තීරණයක් ඉදිරි මාස කිහිපය තුළ මුදල් අමාත්‍යංශය සහ අනෙකුත් පාර්ශවයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගනු ලබන බව ද පවසයි.
  7. ඉකුත් පෙබරවාරි 26 වන දින කොළඹ යූනියන් පෙදෙස අසළ ක්‍රියාත්මක වූ විරෝධතා පාගමනට ජල ප්‍රහාර හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවයි – මෙම සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් 28 දෙනෙකු රෝහල්ගත කළ අතර, එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් විය.
  8. ජාතික ජන බලවේගයේ විරෝධතාවයට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් අනතුරුව තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ජාතික ජන බලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක, 61 හැවිරිදි නිමල් අමරසිරි මරණයට පත්වෙයි.
  9. පීඩාකාරී බදු ප්‍රතිපත්තියට එරෙහිව එළඹෙන මාර්තු 01 වන දින පැවැත්වෙන වැඩ වර්ජනයට, තමා ඇතුළු වෘත්තිකයන් නියෝජනය කරන වෘත්තීය සමිති 41 ක් සම්බන්ධ වන බව මහ බැංකු වෘත්තීය සමිති එකමුතුව පවසයි – 2006 වර්ෂයෙන් පසු මහ බැංකු සේවකයන් වැඩ වර්ජනයකට සම්බන්ධ වන පළමු අවස්ථාව මෙයයි.
  10. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා ආයතනවලට අදාළ රෙගුලාසි ඇතුළත් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan