කඳුළු ගෑස් ගහද්දි පැනල ගියාද? අනුරගෙන් කෙළින් උත්තර (VIDEO)

Date:

ජාතික ජන බලවේගය විසින් පසුගිය 26 වැනිදා කොළඹදී පැවති විරෝධතාව අතරතුර කඳුළු ගෑස් හා ජාල ප්‍රහාර හමුවේ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සැඟවී සිටි බවට එල්ල කරන ප්‍රකාශ වෙත අද (28) ඔහු පිළිතුරු ලබා දුන්නේය.

”(සිනහසෙමින්) ඔයගොල්ලෝ හිටියනේ එතන.ඔයගොල්ලෝ දැක්කනේ මොකක්ද වුණේ කියල.රැස්වීම් ඉවර වුණහම එන නායකයෝ ඉන්නවා.රැස්වීම් වලින් පිටස්තර ඉන්න නායකයෝ ඉන්නවා. අපි එහෙම නෙවෙයි.ජනතාවත් එක්ක හිටියේ. ඒ නිසා ඔඅබගේ වීඩියෝ හොඳින් බලන්න සිදුවුණ දේ.” යනුවෙනුයි ඔහු අදහස් පළකළේ.

ඒ, මැතිවරණ කොමිසමේ රැස්වීමකට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් ජනතාවට සටන් කිරීමට අයිතියක් ඇති අතර තමන් නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරය ලෙස විරෝධතාවලට සහභාගිවන ජනතාවගේ වගකීම ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

එම පහර දීම් හමුවේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් මිය ගිය අතර එය පැහැදිලි ලෙසම ඝාතනයක් බවයි අනුර දිසානායක මහතා අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...

ලක්ෂ්මන් යාපාගේ අල්ලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...