එස්බී කබ්රාල් ගැන කියූ දේ…

Date:

එස්.බී. දිසානායක මහතා ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකට පසුගිය දා සහභාගි වෙමින් කියා සිටියේ හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී ජයසුන්දර මහතා සමග එක්වී ආර්ථිකය ඉතාමත් නිවැරදිව හදාගෙන ආ බවත්, ඔවුන් විදෙස් ණය සඳහා එක ශතයක් හිඟ නොතිබූ බවත්, එකඳු පොලියක්, එක වාරිකයක් හිග නිතිබුණු බවත් ය.

කබ්රාල් මහතා මහබැංකු අධිපති ලෙස සිටි අවදියේ තෙල් ප්‍රශ්න වැනි දෑ තෙල් ප්‍රශ්න වැනි දෑ සඳහා මුහුණ දුන් නමුත් ඔහු තව වසරක කාලයක් එලෙස රට ඉදිරියට තල්ලු කරගෙන ගියේ නං යම් හැරවුමක් කරා ලඟාවන්නට තිබූ බව දිසානායක මහතා පවසයි.

වර්තමානයේ මහබැංකු අධිපති විසින් IMF ණය ගැනීමේ අපේක්ෂාවෙන් රට බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කළ බව පවසන එස්.බී දිසනායක මහතා රටට ලැබීමට තිබූ ණය ප්‍රමාණය ද නොලැබුණු බව පවසයි. කෙතරම් චෝදනා එල්ල වූව ද ඇතැමෙක් ඔවුන් ආර්ථික ඝාතකයින් ලෙස නම් කළ ද, මුළු ලෝකය ඍණ ආර්ථික අගයක් ගනිද්දී 2009 සිට 2015 දක්වා රට ආසියාවේ වේගවත්ම සංවර්ධනය කරා ගෙන ගියේ අජිත් නිවාඩු කබ්රාල් මහතා සහ පී. බී. ජයසුන්දර මහතා බව එස්. බී දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...