ක්‍රිකට් උපදේශක කමිටුවෙන් මහානාම ඉල්ලා අස්වෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා උපදෙස් ලබාදීමට, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විතව පත්කළ කමිටුවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබෙන්නේ ජනවාරි 21 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි තමන් ඉල්ලා අස්වන බවයි.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පත්කළ මෙම උපදේශක මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතායි. කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම යන හිටපු ක්‍රීඩකයන් එහි සෙසු සාමාජිකයන් විය.

මෙම උපදේශක මණ්ඩලය සඳහා බලතල රැසක් ලබාදී තිබූ අතර ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත් සකස් කිරීම, පුහුණුකරුවන් තෝරා ගැනීම, දේශීය තරගාවලි, ක්‍රිකට් පුහුණු කටයුතු සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයට උපදෙස් ලබාදීම මෙම උපදේශක මණ්ඩලයේ වගකීම් අතර වේ. බොහෝදෙනාගේ කතාබහට ලක් වූ ක්‍රීඩක කොන්ත්‍රාත් සංශෝධනය කිරීම සිදුවූයේද මෙම හිටපු ක්‍රීඩකයන්ගේ උපදෙස් මතයි.

රොෂාන් මහානාම මහතා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබෙන්නේ පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වන බවයි. මෙම තීරණය හේතුවෙන් තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සේවය කිරීමට අකමැති බවක් අදහස් නොවන බවත්, ඉදිරියේදී මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය වෙනුවෙන් තවදුරටත් සේවය කිරීමට සූදානම් බවත් ඔහු දැනුම් දී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...