දෙමටගොඩ ශාන්ත ජෝන් විදුහල PTIගේ වධකාගාරයක්ද ?

දෙමටගොඩ ශාන්ත ජෝන් විදුහලේ ශාරීරික අභ්‍යාස උපදේශවරයා (PTI) එම විදුහලේ සිසුන්ට ඉතා අමානුෂික ලෙස දිගින් දිගටම වධහිංසා කරන බව වාර්තා වේ.

සිසිර මහේෂ් නමැති මෙම පුද්ගලයා සිසුන්ට අතින්, පයින්, පොලු මුගුරුවලින් පහරදීමට අමතරව ඔවුන්ට ආහාර ගැනීමට ඉඩනොදී සිටීම, විවිධ ඉරියව්වලින් අව්වේ සිටුවා තැබීම යනාදී නොයෙකුත් ආකාරයෙන් හිංසනයට ලක් කරන බවයි ආරංචිමාර්ග පැවසුවේ.

එමෙන්ම මොහු ඉතා කුඩා සිසුන්ට පවා බිම පෙරළීයන මට්ටමෙන් පහර දෙන අතර බිම වැටී සිටින සිසුන්ට පයින් පහරදෙන බවත් මොහු පාසල් සිසුන්ට සලකන්නේ තිරිසන් සතුන්ටත් අන්ත ආකාරයෙන් බවත් දෙමාපියන් පවසති.

දෙමටගොඩ ශාන්ත ජෝන් විදුහල යනු කොළඹ නගරයේ අවවරප්‍රසාදිත, අඩු ආදායම්ලාභී දෙමව්පියන්ගේ දරුවන් අධ්‍යාපන ලබන පාසලකි. සිය දරුවන්ට සිදුවන වධහිංසාවන්ට එරෙහිව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට හෝ මානව හිමිකම් කොමිසමට යාමට තරම් දැනුමක් හෝ හැකියාවක් නොමැති බව ඔවුන් පවසති. ඇතැම් අවස්ථාවල බරපතළ ලෙස පහර කෑමට ලක්වූ දරුවන්ගේ දෙමව්පියන් පාසලට පැමිණියත් මෙකී ශාරීරික අභ්‍යාස උපදේශකවරයා පොලිසියට පැමිණිලි නොකරන ලෙස ඔවුන්ව බියවද්දා පළවා හරින බවත් වාර්තා විය.

ගුරු මණ්ඩලයේ සාමාජිකයෙකු ද නොවන මොහුට මෙම විදුහලේ හිටපු විදුහල්පතිවරයා විසින් ”විනය පාලක” වගකීමක් පවරා ඇති අතර මොහු මේ අනීතික, තිරිසන් ක්‍රියාදාමය ගෙනයන්නේ ඒ හයියෙනි. විදුහලේ වත්මන් විදුහල්පතිවරයා ද මීට අනුග්‍රහය දක්වන බව වාර්තා වේ. විනය රැකීමේ නාමයෙන් සිසුන්ට දරුණු වධ හිංසා පැමිණවීම මේ සමඟ පාසැලේ සංස්කෘතිය බවට පත් වී ඇති අතර , තවත් ගුරුවරුන් කිහිප දෙනෙක් ම වධක භූමිකාවට අවතීර්ණ වී ඇති බවත් ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව වියරුවෙන් හැසිරෙන මෙම පුද්ගලයා අතින් පාසල් සිසුවෙකු සදාකාලික අබලතාවයකට ලක්වීමට හෝ ඝාතනයට ලක්වීමට පෙර කවර හෝ බලධාරියෙකු මැදිහත් වී එය වැළැක්විය යුතුව තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකගේත් වැඩ තහනම් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ (HQI)...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව 68 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 29: ස්පාඤ්ඤයේ මධ්‍යම...

Exclusive : රඛිත රාජපක්ෂගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී. රඛිත ෆෝනුත් ඕෆ් කරන් පනී !

හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂගේ නිවසට...

ඡන්ද 90%ක් ගණන් කර අවසන් – ඊශ්‍රායල මැතිවරණයේ පැහැදිලි ජයග්‍රාහකයෙක් නැහැ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 29: ඊශ්‍රායල මහ...