කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ විකසිත වූ නෙළුම් කැකුළු …

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ අඩු ආදායම්ලාභී දරුවන් දරුවන් 30 දෙනකු සඳහා පාසල් බෑග් ප්‍රදානය කිරීමේ උත්සවයක් අද දින (03) නෙළුම්යාය පදනමේ ව්‍යාපෘතියක් ඔස්සේ සංවිධානය කර තිබුණි.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලද්දේ ඉන්ජිනේරු ඉන්දික අසේල මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයකිනි. නෙළුම් යාය ව්‍යාපෘතිය මඟින් සිදුකල මෙම කටයුත්ත සාර්ථකව නිම කර ගැනීම සඳහා විශාල සහයෝගයක් ලබාදුන් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ වත්මන් විදුහල්පති ප්‍රියශාන්ත මද්දුමරාල මහතාටත්, ප්‍රාථමික අංශයේ විදුහල්පති සාගර බන්ඩාර මහතාටත් , ප්‍රාථමික අංශයේ සහකාර විදුහල්පති රේණුකා ජයසේකර මහත්මියටත් නෙනුම්‍ යාය පදනමේ විශේෂ ස්තූතිය පිරිනමමු. තවද මෙම දරුවන් හට ඉදිරියේදී පාවහන් පරිත්‍යාගයක් ද ලබාදීමට අප නෙලුම් යාය පදනම බලාපොරොත්තු වේ.

හෙට දිනයේද දහසක් නෙලුම් කැකුළු පූදන්නට නිරන්තරයෙන් නෙලුම් යාය පදනමේ අපි දෑත් අයා බලා සිටින්නෙමු..



රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන මිල ගණන් හමුවේ ඉන්ධන සහනාධාරයට මොකද වෙන්නේ ? ඇමති නලින්ද කියපු කතාව

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල...

නාමල්ගේ අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ නඩු විභාගය: අද සිදු වූ දේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : රට තුළ ක්‍රිකට්...

ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ නඩුව : බොහෝ කරුණු ගෝඨාට අමතක වෙලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : කාලය ගතවීමත් සමඟ...