කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ විකසිත වූ නෙළුම් කැකුළු …

Date:

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ අඩු ආදායම්ලාභී දරුවන් දරුවන් 30 දෙනකු සඳහා පාසල් බෑග් ප්‍රදානය කිරීමේ උත්සවයක් අද දින (03) නෙළුම්යාය පදනමේ ව්‍යාපෘතියක් ඔස්සේ සංවිධානය කර තිබුණි.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලද්දේ ඉන්ජිනේරු ඉන්දික අසේල මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයකිනි. නෙළුම් යාය ව්‍යාපෘතිය මඟින් සිදුකල මෙම කටයුත්ත සාර්ථකව නිම කර ගැනීම සඳහා විශාල සහයෝගයක් ලබාදුන් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ වත්මන් විදුහල්පති ප්‍රියශාන්ත මද්දුමරාල මහතාටත්, ප්‍රාථමික අංශයේ විදුහල්පති සාගර බන්ඩාර මහතාටත් , ප්‍රාථමික අංශයේ සහකාර විදුහල්පති රේණුකා ජයසේකර මහත්මියටත් නෙනුම්‍ යාය පදනමේ විශේෂ ස්තූතිය පිරිනමමු. තවද මෙම දරුවන් හට ඉදිරියේදී පාවහන් පරිත්‍යාගයක් ද ලබාදීමට අප නෙලුම් යාය පදනම බලාපොරොත්තු වේ.

හෙට දිනයේද දහසක් නෙලුම් කැකුළු පූදන්නට නිරන්තරයෙන් නෙලුම් යාය පදනමේ අපි දෑත් අයා බලා සිටින්නෙමු..



රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රීමා 18 වන වරටත් අනාගත තරු පිටියට ආලෝකය රැඟෙන එයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: 2025 ප්‍රීමා වයස අවුරුදු...

නැගෙනහිර යුක්රේනයට රුසියානු මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර යුක්රේන නගරයක්...

නමට අනුව ප්‍රසන්නත් නැති,ජයත් නැති අප්‍රසන්න පරාජිත වැඩ

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: පාසල් පැසි පන්දු සංගමයේ...