මහනුවර විශේෂ මත්ද්‍රව්‍ය වැටළීමක්

මහනුවර – බෝගම්බර ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය වැටළීමකදී පුද්ගලයින් 10 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී සැකකරුවන් 6 දෙනෙකු සහ සැකකාරියන් 4 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී අත් අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 39 යි මිලිග්‍රෑම් 265 කි.

සැකකරුවන් හීරැස්සගල, සුදුහුම්පොළ, මහයියාව, මහනුවර සහ දිගන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26 – 52 අතර අයවලුන් වන අතර සැකකාරියන් කටුගස්තොට සහ රෝහල් පටුමග යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24 – 49 අතර අය වේ.

මහනුවර පොලීසිය සහ පොලිස් නිල සුනඛ අංශය එක්ව මෙම විශේෂ මෙහෙයුම සිදුකර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...