වියදම් අනුපිළිවෙල වෙනස් කිරීමට සිදුවුවහොත් ආර්ථිකය කලමනාකරණය කරගැනීමේ ගැටළුවක – මුදල් රාජ්‍ය ඇමති රංජිත්

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ වියදම් අනුපිළිවෙල වෙනස් කිරීමට සිදුවුවහොත් ආර්ථිකය කලමනාකරණය කරගැනීමේ ගැටළුවකට මුහුණ දීමට සිදුවන බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රට ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා සිටින මේ මොහොතේ රටේ පවතින ආදායම අනුව වියදම් අනුපිලිවෙලක් සකසා ඒ අනුව කටයුතු කරන බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දෙහිඕවිට – අටලුගම ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූවේ, මේ මාසය තුළ සමෘද්ධි දීමනා, පාසල් පෙලපොත් මුද්‍රණය, වී මිලදී ගැනීම, රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම ආදිය සිදු කිරීමට වියදම් කළයුතු බවත්, ඒ අනුව එම අනුපිලිවෙල වෙනස් කිරීමට සිදුවුවහොත් ගැටථ රාශියකට මුහුණ පෑමට සිදුවන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...