ජාතික වැටුප් කොමිෂන් සභාව වසා දැමීමට ජනපති නියෝග

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර ඇත්තේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ කාර්යාලය පවත්වාගෙන යන ජාතික වැටුප් කොමිෂන් සභාව මේ මස අවසානය වන විට වසා දැමීමටයි.

ජාතික වැටුප් කොමිෂන් සභාව සාමාජිකයන් 15 දෙනකුගෙන් සහ කාර්ය මණ්ඩලය 36 කින් සමන්විත වන අතර, එය නඩත්තු කිරීම සඳහා මසකට රුපියල් ලක්‍ෂ 58 ක් වැය වේ.

ජාතික වැටුප් කොමිෂන් සභාව පිහිටුවීමට ප්‍රථම එම කොමිෂන් සභාව වෙත පවරා තිබූ කාර්යභාරය ඉටුකරන ලද්දේ මහා භාණ්ඩාගාරය යටතේ ඇති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසිනි.

ඒ අනුව ජාතික වැටුප් කොමිෂන් සභාව දැනට ඉටුකරනු ලබන කටයුතු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ ආයතන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත පැවරීමට ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

2023 වර්ෂයට රජයේ අය වැයෙන් ජාතික වැටුප් කොමිෂන් සභාවේ වියදම් සඳහා වෙන් කළ ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් ලක්‍ෂ 715 කි. කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අනුයුක්ත කිරීමට තීරණය කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට තවත් ජයග්‍රහණ තුනක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : අද (16)...

චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්!

කොළඹ LNW:විවිධ අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම්...

ඓතිහාසික සභාවක් ලෙස සභාවම එකතුවෙලා නගරය ගොඩනගමු – කොළඹ නව පුරපතිනි

කොළඹ LNW:පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරු 117දෙනාම එකතු වී...

මිනසෝටා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : එක්සත් ජනපදයේ මිනසෝටා...