ජාතික වැටුප් කොමිෂන් සභාව වසා දැමීමට ජනපති නියෝග

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර ඇත්තේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ කාර්යාලය පවත්වාගෙන යන ජාතික වැටුප් කොමිෂන් සභාව මේ මස අවසානය වන විට වසා දැමීමටයි.

ජාතික වැටුප් කොමිෂන් සභාව සාමාජිකයන් 15 දෙනකුගෙන් සහ කාර්ය මණ්ඩලය 36 කින් සමන්විත වන අතර, එය නඩත්තු කිරීම සඳහා මසකට රුපියල් ලක්‍ෂ 58 ක් වැය වේ.

ජාතික වැටුප් කොමිෂන් සභාව පිහිටුවීමට ප්‍රථම එම කොමිෂන් සභාව වෙත පවරා තිබූ කාර්යභාරය ඉටුකරන ලද්දේ මහා භාණ්ඩාගාරය යටතේ ඇති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසිනි.

ඒ අනුව ජාතික වැටුප් කොමිෂන් සභාව දැනට ඉටුකරනු ලබන කටයුතු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ ආයතන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත පැවරීමට ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

2023 වර්ෂයට රජයේ අය වැයෙන් ජාතික වැටුප් කොමිෂන් සභාවේ වියදම් සඳහා වෙන් කළ ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් ලක්‍ෂ 715 කි. කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අනුයුක්ත කිරීමට තීරණය කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...