*
Monday, September 23, 2024
spot_img

Latest Posts

පිරිමි නොකවුට් සූරතාවය සී ආර් දිනද්දී,කාන්තා ලීග් සූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා රගර් කේෂ්ත්‍රයේ එකම දිනයක කාන්තා හා පිරිමි ජාතික සූරයන් කවුරුන්ද යන්න හඳුනා ගැනීමට තුරග තරග පිටිය විවෘතව වුණා.එම තේරීම් සඳහා නාවිකයන් කාන්තාවන් සහ පිරිමි වශයෙන් කණ්ඩායම් දෙකම පෙළ ගැසී සිටිය බැවින් නාවික හමුදාව පැත්තෙන් විශාල උනන්දුවක් මේ තරගය කෙරෙහි පළවෙමින් තිබුණා. ක්‍රීඩා අමාත්‍යවරුන් වට කොට සිටින පිශාචයන්ගේ උවමනාවට හෝ 2019 මේ රටේ දේශපාලන වරම සිංහල බෞද්ධ කර සිතීමේ විපාකය නිසා රගර් ක්‍රීඩාවේ මුල් පුටුව මුසල්මානුවෙකුට හිමි වීම නිසා ද තේරුම් ගැනීමට අපහසු වෛරයකින් එක පිට එක කරන බාධා කිරීම් අතරේ ඉලක්ක වෙත ළඟ වෙන ශ්‍රී ලංකා රගර් නිර්මාණය කළ සාර්ථකත්වය දකින්නට ඒ නිසා ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ට හෝ අමාත්‍යවරයාට තමන්ගේ අමාත්‍යංශය ඉදිරිපිට තිබෙන තුරඟ තරග පිටියට පැමිණ මේ අසිරිමත් අවස්ථාවේ සාමාජිකයන් වන්නට හැකියාවක් තිබුණේ නැහැ.



කෙසේ හෝ දේශපාලන කිලිටිවිම්වලින් තොරව ක්‍රීඩා පරිපාලනයක් හැටියට තම සංගමයේ තිබුණ ණය බරින් ද නිදහස් වෙමින් සාර්ථකත්වයට සමීප වෙන ශ්‍රී ලංකා රගර් අමාත්‍යංශය දෙසට හැරී සිටින පිං කැට මෙන් ඇති අමාත්‍යංශයේ ආශිර්වාදය ලබන ක්‍රීඩා සංගම්වලට වඩා වෙනස් ස්ථානයක් මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රීඩා කේෂ්ත්‍රයේ තබා තිබෙනවා.ලංකාවේ දේශපාලනය අපේක්ෂා කරන යටහත් පහත්වීම් නැතුව සෘජුව ක්‍රියා කිරීම ද,සමහර විට රගර් සමඟ ක්‍රීඩාවේ දේශපාලන බලධාරීන් අවුලක් සකසා ගන්නට හේතු වුණා විය හැකි බවත් සිතිය හැකියි.ලංකාවේ දේශපාලකයා තෘප්තිමත් වන්නේ නිදහස් සෘජු මිනිසුන්ට වඩා දේශපාලකයාගේ සියල්ල නිවැරදි යැයි ප්‍රශස්ති ගයන්නන්ට බැවින් ලංකාවේ ක්‍රීඩාවේ දේශපාලන පරිපාලනය සහ ඉහළ වෘත්තීන් හී නියැලෙන පරිපාලකයන් දැක ගත යුතු,උගත යුතු බොහෝ දේ මේ තරගාවලියෙන් දුරස්ව සිටිමෙන් නොලැබී යනවා.

ඉහත පසුබිම මත දිග හැරෙන අවසන් තරග දෙකෙන් පළමුව පැවත්වුණේ නිපොන් පේන්ට් කාන්තා ලීග් තරගාවලියේ අවසාන තරගයයි.යුද හමුදාව තරගයට පෙර බොහෝ අයගේ ජයග්‍රාහී විශ්වාසය වුවත්,ඊයේ තරගයට පෙර අදහස් දැක් වූ ශ්‍රී ලංකා රගර් සභාපති රිස්ලි ඉල්ලියාස් LNW වෙත පැවසුවේ මෙවැනි අදහසක්.
(කාන්තා ලීග් තරගාවලියේ අවසාන තරගයට යුද හමුදාව සහ නාවික හමුදාව මුහුණ දෙන අතර යුද හමුදාව පළමු හමුවීම ජය ගත්තද අතදැකිම් සහිත ක්‍රීඩිකාවන් නාවික හමුදාව සතුවද සිටින බැවින් යුද හමුදාවට මෙම තරගය පහසු නොවන බව ද ඉල්ලියාස්ගේ අදහසයි.)

ඊයේ තරගයට පෙරාතුව ඔහුගේ අදහස් දැක්වීමට පිවිසෙන සබඳතාවය මෙම සටහන අගදී එකතු කිරිමට බලාපොරොත්තු වන අතර ඔහු කි ආකාරයටම නාවික හමුදා ක්‍රීඩිකාවන් බොහෝ අයගේ විශ්වාස බිඳ දමමින් යුද හමුදාව පරාජයට පත් කළේය.සැළසුමකින් ප්‍රතිවාදියාගේ දුර්වලතා සහ හැකියා අවබෝධ කර ගනිමින්.ඒ අනුව නාවික හමුදාව යුද හමුදාවේ වේගවත්භාවය මඩින්නට හොඳින් සැළසුම් කර තිබුණා.ශරීර ශක්තියෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම සැළසුම වුණා.තරගය යුද හමුදා කණ්ඩායම මේ තරගාවලිය පුරාම දැක් වූ වේගයට වඩා පහළින් තබා ගැනීමට හැකි වීම නිසාම යුද හමුදා කණ්ඩායමට ස්වීය රිද්මයට පිවිසෙන්නට අවස්ථාව අහිමි වුණා.
තරගයේ ජයග්‍රහණය 14 – 5 ක් සේ නාවික හමුදාවට ජය ගෙන දෙමින් නිමාවට පත් වුණා.නාවික හමුදාව සිය ලකුණු 14 ට පිවිසුණේ උත්සාහක දිණුම් දෙකකින් සහ එහි ප්‍රවර්ථන මඟින්.ඔවුන් ලැබූ උත්සාහක දිණුම් දෙක දිලිණි පොල්හේවගේ සහගයනි රන්දුනා විසින් ලබා ගත්තා.එහි ප්‍රවර්තන දෙකම නිසි එල්ලයට යොමු කිරීමට ශානිකා මදෝලිට හැකි වුණා.විශේෂයෙන් ශානිකාගේ සාර්ථක ප්‍රවර්ථනද යුද හමුදාවට පීඩනයක් ඇති කළා.ඒ සමඟ උත්සාහක දිණුමට අමතරව එකතුවන ලකුණු දෙක ද ප්‍රතිවාදීන්ට උත්සාහක දිණුමකින් පමණක් සමාන කළ නොහැකි ඉලක්කයක් බවට පත්වීම නිසයි.

යුද හමුදාව ලකුණු පහ ලබා ගත්තේ උත්සාහක දිණුමකින්.නිසංසලා පියුමි එම දස්කම ඉටු කරන්නට සමත් වුණා.ඇය මේ තරගාවලිය පුරාම දක්ෂතා අතර සිටි ක්‍රීඩිකාව වුව ද,නාවික ක්‍රීඩිකාවන් එවැනි අනතුරුදායක චරිත තරගයට පෙර සිටම හඳුනාගෙන සිටි නිසා බාධක යොදා පාලනය කර ගැනීමේ පූර්ව සැළසුම් සහිතව තරග වැදුණා.

පිරිමි අවසන් තරගය පැවත්වුණේ ලීග් අනු සූරයන් සහ තෙවැන්නන් අතරය.අවසාන තරගයක එක සුළු වෙනස්කමකින් හෝ පරාජය විය හැකිය.පරිස්සම සමඟම වේගය,ජවය සමඟ එකිනෙකාව අක්‍රමණය කරන්න දරන උත්සාහයන් පළමු අර්ධයේ එකිනෙකට සමාන විය.ඒ නිසාම එම අර්ධය ගෙවුණේ සීආර් ඇණ්ඩ් එෆ්සී කණ්ඩායමට එක ලකුණක වාසියක් ඇති වන පරිදි 10 – 09 ලෙස ය.
සීආර් පීඩනය වඩාත් තදින් වෙළාගෙන සිටියත් ඔවුන් ඒ ඇතුළතින් පිටත එමින් තරගය තමන්ගේ පැත්තට හරවන්නට දරන උත්සාහය නොකඩවාම කරගෙන ගියේය.එවැනි අවස්ථා හයකින් ලැබුණ දඩුවම් පහර හයක් සාර්ථක කර ගන්නට නාවිකයෝ සමත් වූහ.ඉන් හතරක්ම සැමුවෙල් මධුවන්ත ලැබූ අතර දෙකක් ලැබුවේ තිළින වීරසිංහ ය.නමුත් දැඩි ආරක්ෂක රැකවල් යොදමින් සීආර් ක්‍රීඩකයෝ නාවිකයින්ට උත්සාහක දිණුම් කරා නම් යන්නට තරගය පුරාම ඉඩ නොදුන්හ.

නමුත් සීආර් ක්‍රීඩකයින් අවස්ථා දෙකකදීම උත්සාහක දිණුම ලබන්නට සමත් විය.එම ගෞරවය දිනා ගත්තේ මොහාන් චතුර සහ ලහිරු පවිත්‍ර ය.මොහාන් චතුර උත්සාහක දිණුමකින් නොනැවතීඑම දෙකෙන් එකක ප්‍රවර්ථනය ද සාර්ථක කර ගත් අතර දඩුවම් සේ සීආර් වෙත සොර්ථක කර ගත් නිදහස් පහර හතරෙන් තුනක්ම නිසි තැන රඳවන්නට සමත් විය.අනෙක් නිදහස් පහරේ ලකුණුවල උරුමක්කාරයා වූයේ තේනුක නානායක්කාරය.
මෙවර රගර් තරගාවලියේ ලීග් තරග මෙන්ම ප්‍රතිමළුන් පිටුදැකීමේ තරග ද අවසන්ය.ඒ හැම පියවරකින්ම ලංකාවෙ රගර් අලුත් වෙමින් ඉදිරියට ඇඳෙන බව දැණුනේය.ඒ අලුත්කමත් එක්ක ජාත්‍යන්තරයේ අලුත් යහපත් තැනක් ඉදිරි වකවානුවලදී අත් කර ගන්න සමත් වෙනු ඇතැයි අපි බලාපොරොත්තු සහිතව සිටිමු.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan