මේ රටේ ජනතාව විඳින අපහසුකම් මම දන්නවා – ජනපති

Date:

අද (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, චීන ණය ප්‍රතිව්‍යුගත කිරීමට අදාළ ලිපිය ඊයේ රාත්‍රියේ මෙරටට ලැබුණු බවත්, එය මුදල් අමාත්‍යවරයා වශයෙන් තමා සහ මහ බැංකු අධිපතිවරයා විසින් අත්සන් කර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යැවූ බවය.

ඒ පිළිබද අදහස් දක්වන ජනාධිපතිවරයා,,

“මේ රටේ ජනතාව විඳින අපහසුකම් මම දන්නවා. ඒ ගැන විශේෂයෙන්ම මම ආණ්ඩුව විදියට අපි සමාව ඉල්ලනවා. නමුත් ඒ නිසා අපිට ඊයේ රාත්‍රියේ චීන එක්සිම් බැංකුවේ නව ලිපිය ලැබුණා. රාත්‍රියේම මමත් මහ බැංකු අධිපතිතුමත් එකඟතා ලිපිය අත්සන් කරලා දැන් IMF සංවිධානයට යවලා තියෙන්නේ. දැන් අපේ යුතුකම් ඉටුකරලා ඉවරයි. දැන් IMF සංවිධානයේ යුතුකම මේ මාසය අවසන් වීමට පෙර තුන්වන හෝ හතරවන සතියේ ඉටුකරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒකෙන් පස්සේ අපිට ලෝක බැංකුවෙන් පළමු මුදල් වටය ලැබෙන්න එනවා. IMF සංවිධානය සමග මීට පෙර අවස්ථා 16කදී කටයුතු කළ ආකාරයට නොව මේ අවස්ථාවේ දී එකඟතාවය ලබාගන්නා සෑම කාර්යක්ම මෙවර නොපිරිහෙළා ඉටුකළ යුතු වෙනවා. එසේ නොවී නම් IMF සංවිධානය ශ්‍රී ලංකාව සමග කටයුතු කරන්නේ නෑ. ඒ තත්ත්වය යටතේ බහු පාර්ශවීය හා ද්විපාර්ශවීය මුල්‍ය ආයතන සමග කටයුතු කිරීමට ඉඩකඩක් ඇති වන්නේ නෑ. ඒ අනුව විදේශ ආර්ථික කටයුතු බොහෝ දුරට අඬාල වෙනු ඇත. අප එක් කරුණක් අවධාරණය කළ යුතුය. දැනට අප විදේශ ණය ගෙවන්නේ නැත. බහු පාර්ශවීය මුල්‍ය ආයතනවලට පමණක් ණය ගෙවනවා. IMF සංවිධානය සමග පවතින එකඟතාවය කඩා දැමුවොත් විදේශ රටවලින් හා පුද්ගලික බැංකුවලින් ලබාගත් ණය ගෙවීමට සිදුවෙනවා. දළ වශයෙන් 2029 දක්වා වාර්ෂික විදේශ ණය බිලියන 6 – 7ක් ගෙවීමට තිබෙනවා. අපට මේ ණය ගෙවීමට විදේශ විනිමය නෑ. ඒ නිසා IMF සංවිධාන මැදිහත් වී විදේශ ණයකරුවන් සමග එකඟ වූ ණය තිරසරභාවය ගැන කථිකාවත දිගින් දිගටම ගෙන යා යුතුය. එයට විකල්පයක් නැත.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පවතින අසාර්ථක හා විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංගවෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මාලිමාව බලපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය...

බාල ඖෂධ : ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව අත්හිටුවයි !

'ඔන්ඩැන්සෙට්‍රෝන්' එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම...