පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ස්අඳහා අප්‍රේල් 25 වන දිනය වඩාත් සුදුසු බවට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය වශයෙන් 2023 අප්‍රේල් 25 දිනය එක් එක් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් නිවේදනය කරනු ලබනු ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.
RN