රුපියල ශක්තිමත් වුණත් රනිලාට ශක්තිමත් වෙන්න දෙන්න බෑ – සමන්ත විද්‍යාරත්න (VIDEO)

රුපියල ශක්තිමත් වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශක්තිමත් වීමට ඉඩ නොතැබිය යුතු බවත් ඔහුව පන්නා දැමීම සඳහා එකතු වෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජාතික ජන බලවේගයේ නායකයකු වන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“දැන් IMF එකෙන් අවුරුදු 4කට ඩොලර් බිලියන 2.9ක් දෙනවාලු. ඒකෙන් ගොඩයන්න පුළුවන්ද කියලා අපි අහන්නෙ. රුපියල ශක්තිමත් වෙනවාලු. බොහොමත් සතුටුයි ශක්තිමත් වෙනවා නම්. හැබැයි අපට එක බයක් තියෙනවා. මහාභාණ්ඩාගාරය ශක්තිමත් වෙලා රුපියල් ටික පිරුණොත් ඈ, එතකොට ඩොලර් ටික පිරුණොත් මහබැංකුවෙ මහ හොරා ජනාධිපති පුටුවෙ ඉන්න හින්දා දැන් මහබැංකුව බේරාගන්න වෙනවා. ඒ හින්දා රනිලාට ශක්තිමත් වෙන්න දෙන්න බෑ රුපියල ශක්තිමත් වුණත්. ඒ හින්දා අනිවාර්යයෙන්ම රනිල් රාජපක්ෂ පන්නා දාන්න කවුරුත් පෙළගැහෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද මහබැංකුවේ වංචාව කෝටි 11,000 යි”

සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ බදුල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...