*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/09

  1. ශ්‍රී ලංකා රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් ඉහළ ගිය බව මහ බැංකුව පවසයි – ගැනුම් මිල රු. 313.77, විකිණුම් මිල රු. 331.05 – රුපියලේ අගය මෙලෙස එකවරම ඉහළ යාම පිළිබඳව බොහෝ විශ්ලේෂකයෝ තුෂ්නිම්භූත වන අතර, මෙය ඇතැම් බලධාරීන්ගේ උප්පරවැට්ටියක් ද යන්න සැක පළකරති – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් තම ණය තිරසාරභාවය පිළිබඳ විශ්ලේෂණයේ දී රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව 2023 දී රු. 400 වශයෙන් ද, 2024 දී රු. 500 වශයෙන් ද ගණන් බලා ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
  2. මේ වන විට ලොව මුදල් ඒකක වලින් හොඳම වර්ධනය පෙන්වා ඇති ශ්‍රී ලංකා රුපියල නැවත අවපාත වනු ඇති බවත්, 2023 අවසාන වන විට ඩොලරයට සාපේක්ෂව එහි අගයෙන් පහෙන් එකක් අහිමි වනු ඇති බවත් ෆිච් රේටිංස් ආයතනය පවසයි – ඒ අනුව, වසර අවසාන වන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රු. 390 දක්වා පහත වැටෙනු ඇති බවට පුරෝකථනය කරයි.
  3. රට තුළ නොසළකා හැර දමා ඇති ගැටළුවක් වන කාන්තාවන්ගේ ආර්ථව දුගීභාවය දුරලීම සඳහා ශ්‍රී ලංකාව නවසීලන්තය සහ ස්කොට්ලන්තය ආදර්ශයට ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි – පුරුෂ මූලික දේශානුරාගය සහ පුරුෂ මූලික දේශපාලන ක්‍රියාදාමයන් විසින් මෙම ගැටළුව රට තුළ ආමන්ත්‍රණය කිරීම සඳහා ගත හැකි ප්‍රගතිශීලි පියවර අහුරා ඇති බවට ට්විටර් පණිවිඩයක් මඟින් අවධාරණය කරයි.
  4. ආර්ථිකය හැකිලීම වැළැක්වීමට මහ බැංකු අධිපතිවරයා අසමත් වූවහොත්, අප්‍රේල් වන විට පාරිභෝගික වෙළඳපොල සියයට 60 කින් හැකිලෙනු ඇති බවට Sri Lanka United National Businesses Alliance හි සභාපතිනි ටානියා අබේසුන්දර අනතුරු අඟවයි – ඉකුත් දෙසැම්බරයේ දී පාරිභෝගික වෙළඳපොල සියයට 40 කින් හැකිලී ගිය බවත්, මේ හේතුව මත රැකියා වියුක්ති අනුපාතය ඉහළ ගොස් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වසා දැමෙන තත්ත්වයට පත්වූ බවත් සිහිපත් කරයි.
  5. 2023 මාර්තු 28 සිට 31 දක්වා පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු යොදන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.
  6. මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවැත්වූ සාකච්ඡාවට භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහභාගී වීමට අසමත් වීම නිසා ඔහුට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි – තමාට වෙනත් හමුවකට සහභාගී වීමට සිදුවූ බව භාණ්ඩාගාර ලේකම්වරයා පවසයි.
  7. 2023 ජනවාරි හි පැවති ඇ.ඩො. මිලියන 2,121 ක ශ්‍රී ලංකා නිල සංචිත වත්කම් 2023 පෙබරවාරි වන විට ඇ.ඩො. මිලියන 2,217 දක්වා සියයට 4.5 කින් ඉහළ යයි – 2022 මාර්තු වන විට විදෙස් ණය ගෙවමින් තිබූ වාතාවරණයක පවා සංචිත වත්කම් පැවතියේ ඇ.ඩො. මිලියන 1,917 ක ය.
  8. විදේශ විනිමය හිඟය හේතුවෙන් භූමිතෙල් සහ ඩීසල් ප්‍රමාණවත් තරම් ආනයනය කිරීමට අසමත් වීම හමුවේ, මත්ස්‍ය නිශ්පාදන වසර 12 කින් පසු 2022 දී කඩා වැටීමට ලක්ව ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි – ඉකුත් වසරේ සමස්ත මතස්‍ය නිශ්පාදනය කි.ග්‍රෑ මිලියන 397 වූ අතර, එය කොවිඩ් වසංගතය පැවති 2020 සහ 2021 වර්ෂවල පිළිවෙලින් කි.ග්‍රෑ මිලියන 429 සහ කි.ග්‍රෑ මිලියන 435 වශයෙන් සටහන් ව තිබිණි.
  9. මෑත දින වරාය වෘත්තීය සමිති විසින් පැවැත්වූ උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ වරායට පැමිණි නෞකා 17 ක් ආපසු පිටත්ව ගොස් ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි – එම නෞකා යළි ගෙන්වා ගැනීමට තමා දැඩි උත්සාහයක් දැරි මුත්, නැවත පැමිණියේ ඉන් කිහිපයක් පමණක් බව ද පවසයි.
  10. චීනය, ජපානය සහ ඉන්දියාව ඇතුළු නිල ණයහිමියන් විසින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව තවම අපහැදිලි බව ජන මාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි – ඇතැමුන් විසින් ණය කප්පාදුවකට එකඟතාව පළකරනු ඇති අතර, ඇතැමුන් විසින් ණය සහන කාලයක්, පොලී අනුපාත අඩු කිරීමක් හෝ එකී කරුණුවල සංයෝගයක් ලබා දෙනු ඇති බවත් උපකල්පනය කරයි – මෙය සිදුවන්නේ කෙසේදෙ යන්න ඉදිරියේදී නිරාකරණය කර ගත යුතුව ඇති බව ද අවධාරණය කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan