රාජ්‍ය හා පෞද්ගලික ආයතන සතු ජෙනරේටර් ජාතික විදුලි පද්ධතියට – මහජන උපයෝගීතා කොමිසමෙන් තවත් යෝජනා රැසක්

Date:

මෙගාවොට් 3000 කට අධික ධාරිතාවයකින් යුක්ත විදුලි ජනන යන්ත්‍ර කොළඹ නගරයේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන සතුව තිබෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ෂංග්‍රි-ලා හෝටලය වැනි ඇතැම් ස්ථානවල මෙගාවොට් 20 ක ධාරිතාවයෙන් යුක්ත විදුලි ජනන යන්ත්‍ර තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

විදුලි කප්පාදුවකදී භාවිතයට ගන්නා මෙම විදුලි ජනන යන්ත්‍ර සෙසු අවස්ථාවලදී නිකරුනේ තිබෙන බැවින් ඒවා භාවිතා කර ජාතික පද්ධතියට එකතු කිරීමේ හැකියාවක් පවතී.

දහවල් කාලයේදී එම ජනන යන්ත්‍ර හරහා විදුලිය නිෂ්පාදනය කර ජාතික පද්ධතියට එකතු කිරීම සඳහා යෝජනාවක් අදාල රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත ඉදිරිපත් කර ඇති බවයි සභාපතිවරයා පවසන්නේ. එම යෝජනාව සඳහා බොහෝ ආයතන මේ වනවිටත් කැමැත්ත පළකර ඇති බවත් ඔහු ප්‍රකාශ කරනවා.

කොළඹ නගරයේ ස්ථාපිත කර ඇති ඩිජිටල් ප්‍රචාරක පුවරු ක්‍රියා විරහිත කිරීම සහ සැළකිය යුතු කාලයක් වීදි ලාම්පු නිවා දැමීම කෙරෙහිද අවධානය යොමුව තිබේ. මේ වනවිටත් ඊට අදාල නිර්දේශ සකස් කරමින් සිටින බවත් ජනක රත්නායක මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...