*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

විනිසුරු විමසුම් ඇස්වල තියුණුබව ඇගයීම

ශ්‍රී ලංකා රගර් ආයතනය ඉතිහාසයේ අලුත් පියවරක් තබමින් තරගවලදී විනිශ්චය කටයුතුවල දැඩි අවධානයෙන් සිට ක්‍රීඩකයන්ට විය හැකි හානි වළක්වා ගන්නට කටයුතු කළ විනිසුරුවන් ඇගයීමක් ආරම්භ කරන්නට කටයුතු කර තිබෙනවා.පසුගිය කාලයේ ඇතැම් තරගවල වින්ශ්චයන් සම්බන්ධයෙන් විවිධ ගැටළු ඇති වෙමින් සමාජමය වශයෙන් විනිශ්චයකරුවා ගැන ඇති වී තිබෙන වැරදි ආකල්ප වෙනුවට සමාජය මත යළිත් විනිසුරුවා සම්බන්ධයෙන් මහත්මා ආකල්පයත් ගොඩ නැඟීමට මේ කාර්යය මඟ පෙන්විය හැකියි.
ශ්‍රී ලංකා රගර් ඉතිහාසයේ මෙවැනි ඇගයීමකට පසුබිම සකස් කරන්න යෝජනා කරමින් තරගයෙන් තරගයට විනිසුරුවන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් සමීක්ෂණයක් කර යහපත් ක්‍රියා ඇගයිය යුතු බව පැවසුවේ ශ්‍රී ලංකා රගර් සභාපති රිස්ලි ඉල්ලියාස් බව මෙහිදී ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ඇමතූ ශ්‍රී ලංකා රගර් විධායක කමිටු සාමාජික නලීන් ද සිල්වා පැවසුවා.

විශේෂයෙන්ම පුහුණුකුරු වාර්තාවන් මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ඇති ත්‍රී පුද්ගල විනිසුරුවන් ඇගයීමේ කමිටුවක් මඟින් තරගයෙන් තරගයට සිඳුවන සිඳුවීම් සමඟ විනිසුරු ක්‍රියාවන් අධික්ෂණය කිරීම කරගෙන යන බවත් එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.
තරගයේ සමස්තය සම්බන්ධයෙන් විනිසුරුවෙකුගේ තියුණු අවධානය ජය පරාජය ඉක්මවා ගිය වගකීමක් බව මෙම සිදුවීම් නිරීක්ෂණයේදී පැහැදිළි වෙනවා.ඒ නිසාම LNW මේ ආකාරයට ක්‍රීඩක ජීවිත සුරක්ෂිතභාවය වෙනුවෙන් සිය තියුණු අවධානය යොමු කරමින් අවදානම බැහැර කරන්නට දායක වූ විනිසුරුවන් වන සුරංග අරුණශාන්ත,ගිහාන් යටවර සහ ප්‍රනීත් වේරංග දැක් වූ ප්‍රතික්‍රියා කෙරෙහි අපගේද ගෞරව නො’අඩුව හිමි වෙනවා.
ඊයේ එම ස්ථානයට එක් නොවූව ද,ජාත්‍යන්තරයට ද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන් මැදිහත් වන බව මෙහිදි රගර් සභාපති රිස්ලි ඉල්ලියාස් අප කළ විමසිමකදී පැවසුවා.රගර් විනිශ්චය කිරීමේ තියුණු භාවය දියුණු කර ගැනීම සම්බන්ධයෙන් මෙම විනිසුරුවන් තුළ ඇති කැපවීම මේ සිඳුවිම් සම්බන්ධයෙන් පැහැදිළි වන බව පෙන්වා දුන් සභාපතිවරයා මුළු ක්‍රීඩා පිටියක් පුරා සිය අවධානය තබා ගනිමින් සූක්ෂමව සියලු සිදුවිම් ආවරණය කර ගැනීම ජාත්‍යන්තර මට්ටමේ විනිසුරු ලක්ෂණයක් බව පෙන්වා දුන්නා.
“රගර් මූලස්ථානයට ගෙනවිත් මේ තිදෙනා අගයන්න තීරණය කළේ ශ්‍රී ලංකා රගර් හී ප්‍රධානම තැනදි ඔවුන්ට ඒ ආඩම්බරය දිය යුතු නිසයි. අපි ඉදිරියෙදි යටවර,අරුණ ශාන්ත සහ ප්‍රනීත් තිදෙනා ගැන අපි විශේෂයෙන් අවධානය යොමු කළ යුතු බව මම විධායක සභාවටත් දැණුම් දී තිබෙනවා.”
රිස්ලි ඉල්ලියාස් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවා.එසේම ශ්‍රී ලංකා රගර් වෙනුවෙන් මෙම ඇගයීමේ දී පෙනී සිටි රොෂාන් ඩීන් සහ නලින් ද සිල්වා සමබන්ධයෙන් ද ඔහු ප්‍රශංසා පූර්වකව අදහස් දැක් වූවා.එසේම මේ සත්කාර්යය සඳහා අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වූ නිපොන් පේන්ට් ආයතනය සහ හමීඩියාස් ආයතනයත් ඔහු ඉතා ගෞරවයෙන් සිහිපත් කරන්නට කටයුතු කළා.

“කුමන තරගාවලියක කුමන අනුග්‍රහයක් යටතේ ක්‍රීඩා කළත් ඒ ක්‍රීඩා කරන්නේ රගර්නම් එහිදී වෙන හොඳ නරක දෙක බලපාන්නේ ශ්‍රී ලංකා රගර් වෙත.ඒ නිසා අපි හොඳ දේවල් අගය කරලා හොඳ දේවල් සඳහා දිරි ගැන්වීම ආශිර්වාද කිරිම රගර් සම්බන්ධයෙන් ජාතික වගකීම පැවරි තිබෙන ශ්‍රී ලංකා රගර් යුතුකමක් හැටියට භාර ගන්න පැකිළෙන්නේ නැහැ.කවුරු අපිට හරස් කැපුවත් දේශපාලනයෙන් වෙට්ටු දැම්මත් ලෝකයට ලංකාවෙ රගර් ගැන කීමේ සහ ලංකාවේ රගර් ඉහළට ගෙන ඒමේ වගකීම පැවරිලා තියෙන්නෙ අපිට.ඒ නිසා පෞද්ගලිකව අපිට මිනිස්සු හැටියට මිනිස්සු හරි සංවිධාන හරි කරන රිදවීම්,බාධා කිරීම් අදාළ නැහැ.ඒ නිසා මේක විතරක් නෙමෙයි, අපි රගර් වෙනුවෙන් හොඳ දෙයක් වෙනවනම් අපි ඒක අගය කරනවා.”

තව දුරටත් අදහස් දැක් වූ රිස්ලි යටවර,අරුණ ශාන්ත සහ ප්‍රනීත් වේරංග දැක් වූ අදහස් ගැන අවධානය යොමු කරමින් පැවසුවේ ඔවුන් තිදෙනාම ප්‍රථමාධාර ගැන ලබා තිබෙන අවබෝධයත් මෙහිදි වැදගත් වී ඇති බවය.එම දැණුම තව දුරටත් වැඩි දියුණු කරන්න සියලුම විනිසුරුවන් වෙනුවෙන් ඒ අවස්ථාව ලබා දීම තම අදහස බව ද පෙන්වා දුන් ශ්‍රී ලංකා රගර් සභාපතිවරයා ඉදිරියේදී ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානී වෛද්‍ය ලාල් ඒකනායකයන් සමඟ මේ සම්බන්ධයෙන් කතා කළ යුතු බවත් පැවසුවා.

විනිසුරුවන්ගේ ශිල්පීය දක්ෂතා මෙන්ම නලීන් රොෂාන්, ටෝනි, චැං, විමල් පෙරේරා ප්‍රධානත්වයෙන් යුත් සමාලෝචන කමිටුව සහ සභාපති සහ ජ්‍යෙෂ්ඨ කළමණාකරු සමඟ විනිසුරුවන්ගේ මෙවැනි වගකීම් සහගත හැසිරීම් අගය කිරීමත් ඉතා හොඳ දෙයක් බව පෙන්වා දුන් සභාපතිවරයා ඔවුන්ගේ අධික්ෂනය යටතේ ජාත්‍යන්තර මට්ටමට සමීප සහ පළමු කොට ජාත්‍යන්තර අත්දැකිම් ලබා දිය යුතු විනිසුරුවන් සිව් දෙනෙක් තීරණය කර ඔවුන් සමඟ සාකච්ඡාමය ස්වරූපයේ වැඩ මුළුවක් පැවත් වූ බව ද පැවසීය.ඒ අනුව ගිහාන් යටවර,රවින් ඇලෙක්සැන්ඩර්,ඉෂංක අබේකෝන් සහ අකිල් ජමාලඩීන් යන විනිසුරුවන් සමඟ එම වැඩමුළුව ක්‍රියාත්මක කළ බව ද පැවසීය.
එම අවස්ථාව සටහන් නිසල රූ මේ සටහන සමඟ ඇත.ඇගයීමට ලක් වූ විනිසුරු ක්‍රියා සමබන්ධයෙන් වන වීඩියෝ පටයට ද මෙයින් පිවිසිය හැකිය.



නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan