අටසීයට වඩා විශාල සෙමෙන්යාගේ ආදරය

ක්‍රීඩාව සම්බන්ධයෙන් පුළුල් සංකීරණ තත්ත්වයන් අපේ සමාජයන් හි හමුවන්නේ ඉතා අඩුවෙන්ය.ඒ අප පළල්ව ලෝකය නොදකින නිසාවෙන් හෝ ලෝකය පිළිනොගන්න නිසාවෙන්ය.මේ පටු තත්ත්වයන් එක්ක අපට හමුවන්නේ ක්‍රීඩාව සමබන්ධ ගැටළු හැටියට දක්ෂයාට ඉඩක් නැති පොදු වෘත්තාන්තයකි.මේ සටහනට පාදක වන කැස්ටර් සෙමෙන්යා යනු ඊඩ වඩා විශාල ප්‍රශ්න සමඟ ක්‍රීඩාවේ නියැලෙන්නියකි.මීටර් 800 ඉසව්වෙන් අති විශිෂ්ට දස්කම් දක්වන ඔලිම්පික් සහ ලෝක සූරතා පදක්කම්ලාභිණියක වන ඇය තමා වටා ඇති ප්‍රශ්නවල පීඩනයන් විද්‍යානුකූල පිළිතුරු සමඟ පාලනය කරන අතරේ තමන් කැමති ජිවිතය විඳින්නියකි.

අපූරු ආදරවන්තියක් වන සෙමෙන්යා ඒ ආදරයේ ප්‍රතිපලවලින් ලත් අපූරු හැඩකාර දියණියන් දෙදෙනෙක්ට මවක්වද පියෙක්ව ද ජීවත් වන්නේය.එසේ බලන කළ සෙමෙන්යා ආදරවන්තියකගෙන් නොනැවතී ආදරවන්තයෙක්ද වන්නේය.ඊට හේතුව ඇයගේ විවාහය සමලිංගික එක්වීමක් වීමය.ඇය ඊට ආශිර්වාදය කරන සමාජයක ජීවිත්වීමට තරම් වාසනාවන්ත වීම අපූරුය.



එහෙත් වැදගත් වන්නේ සෙමෙන්යාගේ පෙම්වතිය වන වයලට් ට සහ සෙමෙන්යාට දැන් දරුවන් දෙදෙනෙක් සිටීමය.ඒ දරුවන් දෙදෙනාම පිළිසිඳ ගත්තේ වයලට්ගේ ගර්භාෂයේ ය.ඊට ප්‍රථම වයලට්ගේ සහ සෙමෙන්යාගේ ප්‍රේමයේ ඇරඹුම ද අපූරු කතාවකි.තහනම් උත්තේජන පරික්ෂාවක් වෙත යන සෙමෙන්යා කාන්තා විවේකාගාරයේ වාඩි වී සිටියදී වයලට් අන් අයගෙන් ප්‍රශ්න කරන්නේ පිරිමියෙක් කාන්තා විවේකාගාරයේ අසුන් ගෙන සිටින්නේ ඇයි කියා ය.

නමුත් සෙමෙන්යා යනු කාන්තාවක් බව අද හොඳින්ම දැක දැන සිටින්නී වයලට්ය.කාන්ාවන් දෙදෙනෙක් ලෙස පවුලක් බෙදා ගැනීම අපට නුහුරු වුව ඔවුන් දෙදෙනා එය ඉතා ඉවසීමෙන් සිඳු කරමින් සිටින්නේය.සැබවින්ම ඔවුන් ආදරණිය මව්පියන්ය.ආදරණීය දෙමව්පියන්ය.යුවළකට උපදින දරුවාගේ පෙණුම,නැතිනම් පැහැය ආදී නොයෙක් වෙනස්කම් මත ගැටෙන පවුල් බිදෙන පරිසරයක ඔවුන්ට අවශ්‍යය ආදරණිය යුවළක් වන්න දරුවන්ය.ඔවුන් දෙදෙනාම ඒ අයට ආදරය කරන්නේ මුළු හදවතින්මය.
ඒත් ඇත්තටම වයලට්ගේ ගර්භාෂයේ තැන් පත් වුණේ සෙමෙන්යාගේ ඩිම්බ නොවේය.වෙනත් පිරිමියෙකුගේ ශුක්‍රාණුය.මෙම සිංචන ක්‍රියාවලිය සිව් වරක්ම අසාර්ථක වි ඇත.එහෙත් මව් පියන් වන්නට සෙමෙන්යා – වයලට් යුවළට ඇති අවශ්‍යයතාවය සහ දාරක ප්‍රේමය හැකිළි නැත.

වයලට් රසෙබෙයා, සෙමෙන්යාට වඩා වසර පහකින් වැඩිමහල්ය.එසේම ඇය සෙමෙන්යාගේ ගැහැණු ආදරයට පෙර පිරිමි ආදරය විඳ හුරු පුරුදු ඇත්තියකද වන්නීය.ඒ හේතුව නිසාම වයලට්, සෙමෙන්යාගේ ආදරය පිළිගන්නට බොහෝ කල් ඉවසුවාය.ඉනික්බිති එකඟතාවයෙන් එකට එක් වූ දෙදෙන පිට.ට ගැහැණුන් වුව ද ඔවුන් ඇතුළතින් දරුවන් සිටින වගකිව යුතු යුවළක් සේ ක්‍රියා කරන්නේය.
ඔවුන් සිය සමාජ සම්ප්‍රදායන්ට අනුව විවාහ උත්සවය ගත්තේ 2015 දී පමණය.2016 රියෝ ඔලිම්පික් උළෙලටත් පසුව 2017 දී මේ ආදරය යළිත් ප්‍රිටෝරියා හී දී විශාල මංගල උත්සවයක් කෙරළියට එන්නේය.උත්සාහයන් කිහිපයකින් පසු 2019 දී මේ යුවළ පළමුවරට මව්පියන් බවට පත් කරමින් ඔරටයිල් සෙමෙන්යා මෙළොව එළිය දුටුවාය.2021 දී ඔරබයිල් දෙවන දියණිය ලෙස ඔවුන්ගේ කැඳැල්ලට පැමිණෙන්නීය.

ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය අනුව බොහෝ දෙනෙක් මොවුන් ඔරටයිල්ගේ සහ ඔරබයිල්ගේ අම්මාවරු ලෙස සඳහන් කරන්නට ඉඩ ඇත.නමුත් මේ දෙදෙනාම මෙලොව එළිය දුටුවේ වයලට්ගේ ගර්භාෂයේ වැඩෙමින් පසුවය.සමහර විට ඇය සෙමෙන්යාගේ සහ තමන්ගේ දාරක ප්‍රේමය වෙනුවෙන් සෙමෙන්යාගේ වෘත්තීය ක්‍රීඩා ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යන්නට ඉඩ දෙමින් ඒ වෙනුවෙන් සිය ගර්භාෂය කැප කළා වන්නට පුළුවන්ය.නැතිනම් තමන් මුල් වරට පිරිමියෙක් බවට හඳුනාගත් සෙමෙන්යාගේ පිරිමි හැඩය ඇතුළ. ආදරයෙන් තුරුළු වන බිරිඳක වීම වයලට්ගේ හැඟීම වන්නට ද පුළුවන්ය.ඔරටයිල් සහ ඔරබයිල් සෙමෙන්යාලා වන්නේ ද ඒ නිසා විය හැකිය.
කෙසේ වුව සෙමෙන්යා සහ වයලට් ආදර්ශමත් ආදරණීය දෙමව්පිය යුවළක් ය.ලේ වල විද්‍යාත්මක පදනම මිස සමාන වන්නේ ජාතකය නොවන බව හඳුනා නොගත් සමාජ යාන්ත්‍රයක ජීවත්වන අපට මේ යුවල විශ්වකර්ම ආදරවන්තයෝය,දෙමව්පියෝය.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...