*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/11

  1. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල යළි අවපාත වීම ආරම්භ වෙයි – ගැනුම් මිල සියයට 1.37 කින් රු. 307.36 සිට රු. 311.62 දක්වා ද, විකුණුම් මිල සියයට 1.03 කින් රු. 325.52 සිට රු. 328.90 දක්වා ද අවපාත වෙයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරභාවය පිළිබඳ විශ්ලේෂණ ගණනය කිරීම්වලට අනුව, ශ්‍රී ලංකා රුපියල 2023 දී රු. 400 සහ 2024 දී රු. 500 දක්වා අවපාත වනු ඇති බවට උපකල්පනය කර තිබේ.
  2. ගතවූ දින කිහිපය තුළ රුපියලේ අගයේ සිදුවූ ඉහළ යාම තාවකාලික බව ජනප්‍රිය දේශීය ආර්ථික විශේෂඥයන් වන හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන, සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරුන් වන මහාචාර්ය ආනන්ද ජයවික්‍රම සහ මහාචාර්ය ඩබ්.එල්. ප්‍රසන්න පෙරේරා අවධාරණය කරති.
  3. පා.ම. ප්‍රේම්නාත් සී දොලවත්ත විසින් මතුකරන ලද වරප්‍රසාද ප්‍රශ්නය පිළිබඳ පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ විභාග කිරීම අවසාන වන තුරු, පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති අතුරු නියෝගය සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දෙන මෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ නියෝජ්‍ය කතානායකවරයාගෙන් ඉල්ලා සිටියි.
  4. ශ්‍රී ලංකාව පිළිබඳ ගෝලීය දැක්ම කඩා වැටෙයි – සන්නාම මූල්‍යකරණය (Brand Finance) පිළිබඳ “Global Soft Power Index” දර්ශකයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව ලබා සිටි 73 වන ස්ථානයේ සිට 115 ස්ථානය දක්වා පහත වැටෙයි – මෙම දර්ශකය රටක් පිළිබඳ දැක්ම උරගා බලන ලොව වඩාත් පරිපූර්ණම පර්යේෂණ අධ්‍යයනය වන අතර, ලොව පුරා රටවල් 120 කට අධික සංඛ්‍යාවකින් පුද්ගලයන් 100,000 කට අධික පිරිසකගේ අදහස් මත පදනම්ව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරනු ලබයි.
  5. 2023 පළමු මාස දෙක තුළ සංචාරක කර්මාන්තයේ ඉපැයීම් ඇ.ඩො. මිලියන 331.7 බව මහ බැංකුව පවසයි – ඉකුත් වර්ෂයේ මෙම කාලසීමාව තුළ සංචාරක ඉපැයීම් ඇ.ඩො. මිලියන 321.1 වූ අතර, මෙම වර්ෂය තුළ සියයට 3.3 ක වර්ධනයක් පෙන්නුම් කරයි.
  6. ත්‍රෛවාර්ෂිකව සියයට 25 ක වැටුප් ඉහළ යාමක් පිළිබඳ දැක්වෙන ඒකාබද්ධ ගිවිසුමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ඉවත්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි – ලංකා විදුලිබල මණ්ඩලය ද නිසැකවම ප්‍රතිව්‍යූහගත කරන බව ද අවධාරණය කරයි.
  7. කඳුලු ගෑස් උණ්ඩවල අන්තර්ගතය පිළිබඳ රසායනාගාර අධ්‍යයනයක් ශ්‍රී ලංකා පොලිසීය විසින් සිදුකර නැති බව මෙරට කඳුලු ගෑස් භාවිතයෙන් හෙළිවන බව සමාජය සහ ආගම සඳහා වූ කේන්ද්‍රය (Centre for Society and Religion) නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. 2022 වර්ෂයේ පැවති විරෝධතා විසුරුවා හැරීමට “කල් ඉකුත් වූ” කඳුලු ගෑස් භාවිතා කළ බවත්, ඉන් සමහර කඳුලු ගෑස් උණ්ඩ 2000 වර්ෂයේ නිපදවූ ඒවා බවත් සඳහන් වෙයි.
  8. මෙරට පවුල් මිලියන 3.5 කගේ පමණ ජීවිත විනාශ කර දැමීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැන් පොදු සතුරකු බවට පත්ව ඇති බව පා.ම. වාසුදේව නානායක්කාර පවසයි – ආර්ථිකය ප්‍රකෘතිමත් වන බවට ජනාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශය හෑල්ලු කරයි.
  9. විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් සිදුකරන වැඩ වර්ජනය හේතුවෙන් අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සති දෙකකින් වත් ප්‍රමාද වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි – විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය බදු ගැටළු සහ ප්‍රශ්න පත්‍ර බැලීමේ ක්‍රියාදාමය පටලවා ගත යුතු නැති බව ද පවසයි.
  10. DP Education සමඟ ඒකාබද්ධව මොරටුව විශ්ව විද්‍යාලය විසින් පිරිනමනු ලබන Trainee Full Stack Developer මාර්ගගත පාඨමාලාව, යුරෝපා සමුළුව විසින් දියත් කරනු ලබන විද්‍යුත් අධ්‍යාපනය සඳහා වූ 08 වන e-learning Excellence Award 2022 සම්මාන උළලේ ප්‍රථම ස්ථානය ලබා ගනියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan