මනෝරත්න වෙනුවෙන් සයිබර් අවකාශයට “මනෝ මන”

Date:

ප්‍රතිභාපූර්ණ රංගවේදියකු, කථිකාචාර්යවරයෙකු කුසලතා සම්පන්න ගේය පද රචකයෙකු, අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකු වූ කලා ශූරී, කලා කීර්ති ජයලත් මනෝරත්න නම් රසික හදවත් තුළ ජීවමානව ජීවත් වන නොමැකෙන මතකධාරියා සතු දර්ශනය ඉදිරි පරම්පරාව වෙත දායාද කිරීමේ අරමුණෙන් ඔහු පුත් භානුක මනෝරත්න විසින් ‘මනෝ මන’ නමින් සාහිත්‍ය කතිකාවක් Jayalath Manorathna යූටියුබ් නාලිකාව ඔස්සේ අරඹා තිබේ.

සයිබර් අවකාශය තුළ ඔහුගේ පරමාර්ථය ඔහුගේ අදහසින්ම මෙසේය.

”තාත්තා Youtuber කෙනෙක් වෙලා හිටියෙ නැති නිසා, මුලින්ම බයත් හිතුනා සමාජ මාධ්‍ය ගිණුමක් ඔහු වෙනුවෙන් පටන්ගන්නත්. ඒත්, ප්‍රාසාන්ගිකව තාත්තා කරපු දේවල් එකතු කරනවට වඩා, ඔහුගේ
නිර්වචනය වුන දර්ශනය ඉදිරි පරම්පරාවට දෙන්න, Youtube හොඳ මාධ්‍යක් බව තේරුම් ගියා.

පවුලේ අපිත් එක්ක එකතුවුණු, තාත්තාට පෙර-සමගාමී-පසු පරම්පරාවන් තුළ විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන සක්‍රිය විද්වතුන් නිසාවෙන්ම, මේ මනෝ-මන නාළිකාව, පරිණතයන්ගේ අදහස් හා දාර්ශනික විමංසාවන් උගත හැකි, රස- ප්‍රඥා ගුලාවක් බවට පත් කරන්න පුළුවන් වුණා.

උගතෙක් දොඩවන වපසරියක රසය-අගය කියන්න, කැමති වෙලාවක ගොඩවෙන්න සෞන්දර්යාත්මක යහපත් සමාජයක් වෙනුවෙන්, එතැනින් ඉගෙනගන්න දෙයක්, තව පරම්පරාවකට දෙන්න. තාත්තා මියැදුනත්, මේකෙ නැවතුමක් නැහැ. තව වැඩසටහන් දාහක් කරන්න වුනත්, තාත්තව හරියට කියවපු දාර්ශනිකයෝ තාමත් ඉන්නවා.”

ඒ අනුව ජයලත් මනෝරත්නයන් නෙළු රන් අස්වනු මතු පරපුරට ගෙනයන “මනෝ මන” සමග එක්වීමට සැමට ආරාධනා …

SM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...