ජපාන රජය විසින් මිලියන 1.8කට අධික මුදල් ආධාරයක්

Date:

ශ්‍රී ලංකාවේ වඩාත් දුෂ්කරතා වලට ලක්වන දරුවන් වෙනුවෙන් ලබා දීම සඳහා ජපාන රජය විසින්, යුනිසෙෆ් සංවිධානය වෙත ඩොලර් මිලියන 1.8කට අධික මුදල් ආධාරයක් ලබා දී ඇත.

මෙමගින් ලක්ෂ 6කට ආසන්න දරුවන් සඳහා පිරිසිදු පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට යොදා ගනු ඇත.

යුනිසෙෆ් සංවිධානය පවසන්නේ, මේ වනවිට ශ්‍රී ලංකාව පත්ව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරටට මානුෂීය සහන සැපයීමට ජපාන රජය මෙසේ තීරණය කර ඇති බව ය.

පසුගිය වර්ෂයේ‍ ආර්ථික අර්බුදයේ ආරම්භයේ පටන් ජපාන රජය යුනිසෙෆ් හරහා ලබා දුන් මුළු ආධාර ප්‍රමාණය මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 3.8 ඉක්මවා ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ මල්වතු ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : පහළ මල්වතු ඔය...

තැපැල් දෙපාර්මේන්තුව සහ සෞදි තෑපෑල අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : තැපැල් දෙපාර්මේන්තුව සහ...

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...

ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ලයින් කාමර වෙනුවට...