මංගලගේ බදු ප්‍රතිපත්තිය ආපහු ගේන්න – සජබ ආණ්ඩුවෙන් ඉල්ලයි ! (VIDEO)

Date:

2019 වසරේදී එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පැනවූ බදු ප්‍රතිපත්තිය යළි ක්‍රියාත්මක කරන ලෙස සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රධානී, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

“ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය ආදායම බිංදුවටම ඇදලා දැම්මෙ බදු කප්පාදු කරලා, බදු සහන දීලා ගජ මිතුරන්ට දොළ පිදේනි දීම හරහා. පුරවැසියන් බදු ගෙවිය යුතුයි, ප්‍රශ්නයක් නෑ ඒක ගැන. හැබැයි ඒ බදු දරාගැනීමේ ප්‍රමාණයකට තියෙන්න ඕනෙ. ඒ නිසා අපි ඉතාම අවධාරණයෙන් ආණ්ඩුවෙන් ඉල්ලන්නෙ අවම වශයෙන් 2019 මංගල සමරවීර ඇමතිතුමා ඉදිරිපත් කරපු බදු ප්‍රතිශතය ගේන්න. එදා ඒකට කවුරුත් විරුද්ධ වුණේ නෑ, ඒ නිසා ඒ ප්‍රතිශතය ආපහු ගෙනවා නම් අද කවුරුවත් ඒකට විරුද්ධ වෙන්නෙ නෑ. ගෝඨාභය රාජපක්ෂ කෙළෙව්වේ මංගල ගෙනාපු ප්‍රතිශතය බිංදුවට බස්සලා. එනිසා මංගල සමරවීර ඇමතිතුමා ගෙනාපු ප්‍රමාණයට ගෙනාවාම කාටවත් විරුද්ධ වෙන්න බෑ. කිසිම වෘත්තිකයෙක් විරුද්ධ වෙන්නෙ නෑ. මිනිස්සු අස් කරනවායි කියලා බය කරලා මර්දනයෙන්, චණ්ඩි පාට් එකෙන් විතරක් මේක කරන්න බෑ”

එස්. එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ ඊයේ (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් නිවාඩුව දීර්ඝ වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27,කොළඹ LNW : කලින් සැලසුම් කළ...

උසස් පෙළ උත්තර ගුවනින්

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: ජිවිතයේ අති විශේෂ අධ්‍යාපනික...

සුමාත්‍රා හි භූ කම්පනයක්: ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උදෑසන 10.26ට පම...

සෙනසුරාදත් උසස් පෙළ විභාගය අවලංගුයි – විභාගය පැවැත්වෙන දින මෙන්න!

කොළඹ LNW: සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය...