රජයේ පාසල්වල 3 වැනි ශ්‍රේණියේ දරුවන් පිළිබඳ කණගාටුදායක තත්ත්වයක්

Date:

අධ්‍යාපන අමාත්‍යාංශය කළ සමීක්ෂණයකින් නිගමනයට එළැඹී ඇත්තේ මෙරට රජයේ පාසල්වල 3 වැනි ශ්‍රේණියේ දරුවන්ගෙන් 90%කට පමණ ප්‍රමාණවත් සාක්‍ෂර හෝ අංක පිළිබඳ දැනුමක් නොමැති බවයි.

මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ, කොවිඩ් හේතුවෙන් පාසල් වැසීමෙන් දරුවන්ට වූ බලපෑම සෙවීම සඳහායි. දරුවන්ගේ සවන්දීම, කථනය, කියවීම, ලිවීම, සංඛ්‍යා හා මූලික ගණිත දැනුම ආදී හැකියාවන් පරීක්‍ෂාවට ලක් කර තිබූ අතර අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ දරුවන්ගේ සාක්‍ෂර හැකියාව 34 % ක් සහ සංඛ්‍යා දැනුම 7% ක් තරම් අඩු මට්ටමක පවතින බව සමීක්ෂණයේදි හෙළිවී ඇති බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ 2021 දෙසැම්බර් සිට 2022 ජනවාරි දක්වා සෑම පළාතක්ම ආවරණය වන පරිදි පාසල් 1,009ක 3 වැනි ශ්‍රේණියේ දරුවන් 10,000 ක් ඒ සඳහා යොදා ගෙන ඇති බවත් සමීක්ෂණය සඳහා සහභාගී වූ දරුවන්ගෙන් සවන්දීමේ කුසලතාව සාක්ෂාත් කරගෙන තිබුණේ 27%ක පිරිසක් බවත්ය. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ දරුවන්ගෙන් 73% ක් එම කුසලාතාව අසමත්වී තිබූ අතර කථන කුසලතාව සමත් වී ඇත්තේ දරුවන්ගෙන් 20% ක් පමණයි. 80% ක පිරිසක් එය අසමත්වී ඇති බවයි.

පාසල් වසා දමා තිබූ කාලසීමාව තුළ දරුවන්ගෙන් 26% කට ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් නොතිබූ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ එම වාර්තාවේ දැක්වෙයි .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...