එක්දින සංචිතයට සහන් ආරච්චිගේ සහ විස්සයි ව්ස්සට ලසිත් කෘශ්පුල්ලේ

Date:

නවසීලන්ත සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ සංචිතයට සහන් ආරච්චිගේ එක් කරන්නට කටයුතු කර ඇති අතර විස්සයි විස්ස සංචිතයට ලසිත් කෘස්පුල්ලේ එක් කර ඇත.මෑත කාලයේ කැපී පෙණෙන දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් දෙදෙනා මෙම සංචාරයට එකතු වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කෝඩුකාරයින් ලෙස හැඳින්විය හැකිය.

මේ ආකාරයටම ආබාධයකට ලක්ව සිටි කුසල් ජනිත් සම්බන්ධයෙන් ද තේරීම් කමිටුවේ අවධානය යොමු වී ඇත.ඔහු ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට කැඳවා ඇත.හිටපු ශ්‍රී ලංකා නායකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් සම්බන්ධයෙන් විශ්වාසය වෙනස් කරගෙන සිටින තේරීම් කමිටුව ඔහුව කලකට පසු ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා ඇත.
විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායම් දෙකේම නායකත්වය සුපුරුදු පරිදි දසුන් ශානක විසින්ම දරණ අතර එක්දින කණ්ඩායමේ උප නායකත්වය කුසල් මෙණ්ඩිස්ට විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංග ට පිරිනමා ඇත.

ශ්‍රී ලංකා එක්දින සංචිතයට දසුන්ගේ නායකත්වය ඇතිව,කුසල් මෙණ්ඩිස්,පැතුම් නිශ්ශංක,නුවනිඳු ප්‍රනාන්දු,ඇන්ජලෝ මැතිව්ස්,චරිත අසලංක,සදීර සමරවික්‍රම,ධනංජය ද සිල්වා,සහන් ආරච්චිගේ,වනිදු හසරංග සිල්වා,දුනිත් වෙල්ලාලගේ,කසුන් රාජිත,මහේෂ් තීක්ෂණ,චාමික කරුණාරත්න,ලහිරු කුමාර,ප්‍රමෝද් මධුශාන්,දිල්ෂාන් මධුශංක සහ මතීශ පතිරණ එක් වී සිටිනවා.විස්සයි විස්සේ සංචිතයේදී එක්දින සංචිතයේ සිටින ඇන්ජලෝ මැකිවිස් සහ සහන් ආරච්චිගේ ඉවත්කර ඒ වෙනුවට කුසල් ජනිත් පෙරේරා සහ ලසිත් කෘස්පුල්ලේ පමණක් ඇතුළත් කර තිබීම සංචිත දෙකේ දැකිය හැකි එකම වෙනස්කම වෙනවා.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...