රාජ්‍ය සේවකයින්ගේ සේවය පිළිබඳ කණගාටුයි – අග්‍රාමාත්‍යවරයා

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ සමීක්ෂණ කටයුතු වලින් රාජ්‍ය සේවකයින් බැහැරවී සිටීම කනගාටුදායක තත්ත්වයක් බවයි. මෙම සමීක්ෂණ සිදුකිරීම රාජ්‍ය සේවකයිනගේ වගකීමක් බව අග්‍රාමාත්‍යවරයා පවසයි .

මේ අතර සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ සමීක්ෂණ මේ මස 31වන දිනෙන් අවසන් වන බැවින් නිලධාරීන් වෙත කඩිනමින් නිවැරදි දත්ත ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍යංශය අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මුදල් අමාත්‍යංශය සඳහන් කළේ මේ වන විට ලැබී ඇති අයදුම්පත් ලක්ෂ 37ක් අතරින් ලක්ෂ 11කගේ පමණ තොරතුරු තහවුරු කර අවසන් බවය.

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334කින් ලද අයදුම්පත් ලක්ෂ 37ක, සුබසාධක දීමනා ලබාදීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විට අදියරෙන් අදියර සිදුකෙරමින් පවතින බව එම අමාත්‍යාංශය පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍යංශය තවදුරටත් සඳහන් කළේ දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයදුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් එය ප්‍රතිශතයක් ලෙස 46%ක් වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ නියමිත දිනට පෙර නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වන අයදුම්කරුවන්ට සුබසාධක ප්‍රතිලාභ අහිමි විය හැකි බවයි .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...

ට්‍රම්ප් ඉරානයේ දින 7ක යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්...