නයිජීරියාවේ පළමු කාන්තා ආණ්ඩුකාරවරිය පත්වේ.

Date:

නයිජීරියාවේ පාලක සර්ව ප්‍රගතිශීලී කොංග්‍රසය (APC)පක්ෂය විසින් ඊසානදිග ආඩමාවා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය වශයෙන් ඉතිහාසයේ මුල්වරට කාන්තාවක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඇය 51 හැවිරිදි අයිශාතු දහිරු අහ්මඩ් බිනානි වේ.

අප්‍රිකාවේ විශාලතම සුවිශේෂී පිරිමි සමාජයක් තුළ ඇයගේ ඉදිරිපත්වීම අතිශය ප්‍රගතශීලී කරුණක් බවට බොහෝ විශ්ලේෂකයන් කරුණු දක්වා තිබේ. මෙවර හිටපු ජනාධිපති අපේක්ෂක නුහු රිබාදු සහ ප්‍රාන්තයේ ආසන්නතම හිටපු ආණ්ඩුකාර ජිබ්‍රිල්ලා බින්ඩෝ ඇතුළු පිරිමි දේශපාලන ප්‍රවීණයන්ගෙන් සමඟ දහිරු ද තරඟ වැදිණි.

මේ වන විට ඇය ආණ්ඩුකාර ධූරය හෙබවීමට නියමිත කලාපයේ කාන්තාවන් සහ ළමයින් පැහැරගෙන යමින් වසර 13ක් තිස්සේ ක්‍රියත්මක වන බොකෝ හරාම් ඇරඹූ මාරාන්තික කැරැල්ලක් පවතිනමුත් දහිරුගේ ආධාරකරුවන්, විශේෂයෙන්ම ග්‍රාමීය කම්කරු පන්තිය සහ කාන්තාවන් ඒ තුළ නොසැලී සිටිති.

නිවැසියන් පවසන්නේ වසර ගණනාවක් ඇය අඩු ආදායම්ලාභී කුටුම්භයන්ට උපකාර කරමින් ප්‍රාන්තය පුරා පරිත්‍යාගශීලී ප්‍රයත්නවල පුළුල් ලෙස සම්බන්ධ වී ඇති බවයි. ඒ අනුව බොහෝ දෙනා පවසන්නේ දහිරු සෘජුවම ජනතාව සමඟ සම්බන්ධ ව ඇති හෙයින් මේ වන විට වඩාත් ජනප්‍රියව ඇති බවයි.

නයිජීරියානු දේශපාලනය තුළ කාන්තා නියෝජනය අතිශය විරල වන අතර පසුගිය වසරේ, නයිජීරියාවේ පාර්ලිමේන්තුව ආගමික හා සංස්කෘතික හේතූන් දක්වමින් පුරුෂ මූලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ව්‍යවස්ථාදායකයේ කාන්තාවන් සඳහා ස්ථිර කෝටා ක්‍රමය ඇතුළු කාන්තාවන් සඳහා වන සමානාත්මතාවය අපේක්ෂා කරන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පනත් පහක් ප්‍රතික්ෂේප කර තිබිණි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...