මැතිවරණය කල්යාම සුදුසු නොවේ – මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය

Date:

අප්‍රේල් 25 වනදා මැතිවරණය පැවැත්වීම සුදුසු වූවත් එය අපහසු තත්ත්වයක් මේවන විට දක්නට ඇති බවත් මැතිවරණය කල්යාම සුදුසු නොවන බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“අප්‍රේල් 25 වනදා මේ ඡන්ද විමසීම තියන්න බැරුව ගොඩක් කල්ගියොත් අපේ සීමානිර්ණ වාර්තාව දුන්නට පස්සේ ඒ එක්ක ජනාධිපතිවරයා ගැසට් කළොත් ඊට පස්සේ සමාලෝචන කමිටුවකුත් දාලා ඒක ගියොත් පාර්ලිමේන්තුව තමයි තීරණය කරන් ඕනේ, මේ ගත් නොමිනේෂන්වලින් ඡන්දය තියෙනවද නැද්ද කියන එක. මොන තත්ත්වය වුණත් ඡන්ද වීමසීමක් නියමිත කාලයට වඩා කල් යන එක සුදුසුත් නැහැ. නිලධාරීන්ගේ පාලනයෙන් දීර්ඝ කලක් මේ සභාවල් පවත්වාගෙන යන එකත් සුදුසුත් නැහැ. මම බලාපොරොත්තු වෙනවා අඩුම ගාණේ තව මාස තුන හතරක් ඇතුළතවත් මේ ඡන්ද විමසීම් අනිවාර්යෙන් පැවැත්වේවී කියලා. අප්‍රේල් 25 තියන්න පුළුවන් නම් හොඳයි. නමුත් තියන්න අමාරු බව තමයි දැන් පෙනෙන්නේ. මොකද තැපැල් ඡන්දය සඳහාවත් ඡන්ද පත්‍රිකා රජය මුද්‍රනාලයෙන් ලැබෙන්නේ නැති තත්ත්වයක් යටතේ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...

පිටරටින් එන මානුෂීය ආධාරවලටත් සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විදේශයන්හි සිට මෙරටට මානුෂීය...

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඇයි?

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඇයි?