පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය වසාදැමිය යුතුයි – බන්දුල ගුණවර්ධන

Date:

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබාදීමට එහි විධායක මණ්ඩල අනුමැතිය හිමිවන්නේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය වසාදැමීම හෝ ප්‍රතිව්‍යුහගතකිරීමේ එකඟතාව මත බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය,

“මේ ඇතිවෙන එකඟතාවය අනුව සියලුම රාජ්‍ය ව්‍යවසායන් පාඩු ලබනවානම් පාඩු ලබන ව්‍යාපාර වැහෙනවා. අපි කොපමණ කැමති වුණත් කොතරම් අකමැති වුණත් ලාභ පාඩු නොමැති ලක්ෂයේවත් ගෙනියන්න බැරි නම් ඒ ව්‍යාපාර වසා දමන බවට එකඟතාවක් ඇතිව 20 වනදා මේ සහතිකය ලබාගන්න පුළුවන්කම ලැබෙන්නේ. වියදම පියවාගන්න බැරි වුණොත් වෙනදා ආණ්ඩුව සල්ලි දෙනවා. ගන්න ණය ගෙවන්න බැරිනම් ආණ්ඩුව සල්ලි අච්චු ගහලාදෙනවා. මෙතනින් පස්සේ ඒ දෙකම කරන්න බැහැ. මේ යතාර්ථයට මුහුණදෙමින් CTB ගොඩගන්න වැඩපිළිවෙළක් නොකොළත් මේක වැහෙන ටික පුද්ගලික අංශයට දීලා පුද්ගලික අංශය විසින් කරන එක තමයි සිදුවෙන්නේ.”

IMF ණය පහසුකම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල හමුවේදී අද (20) සාකච්ඡාවට ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාව ලබාගැනීමට අපේක්ෂිත අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් අද පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල හමුවේදී අවසන් තීරණය ගැනීමට නියමිතය.

අනතුරුව ශ්‍රී ලංකා වේලාවෙන් එළඹෙන අඟහරුවාදා උදෑසන පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් නිවේදනය කිරීමට නියමිතව ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...