ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට !

0
454

ඊයේ (20) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කර තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා ඇත. මීට පෙර රුපියල් 157ක්ව පැවති එහි නව මිල රුපියල් 177 කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 23 කිනි. රුපියල් 184ක්ව පැවති එහි නව මිල රුපියල් 207 ක් වේ.

එසේම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ නංවා ඇති අතර රුපියල් 111ක් ව පැවති එහි නව මිල රුපියල් 121 කි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇත. මීට පෙර රුපියල් 144ක් ව පැවති එහි නව මිල රුපියල් 159ක් වේ.

මීට අමතරව භූමිතෙල් මිල ද ඉහළ නංවා තිබේ. ඒ, ලීටරයක් රුපියල් 10 කිනි. ඒ අනුව මීට පෙර රුපියල් 77ක් ව පැවති භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 87 ක් වන බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරන්නේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here