ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට !

Date:

ඊයේ (20) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කර තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා ඇත. මීට පෙර රුපියල් 157ක්ව පැවති එහි නව මිල රුපියල් 177 කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 23 කිනි. රුපියල් 184ක්ව පැවති එහි නව මිල රුපියල් 207 ක් වේ.

එසේම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ නංවා ඇති අතර රුපියල් 111ක් ව පැවති එහි නව මිල රුපියල් 121 කි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇත. මීට පෙර රුපියල් 144ක් ව පැවති එහි නව මිල රුපියල් 159ක් වේ.

මීට අමතරව භූමිතෙල් මිල ද ඉහළ නංවා තිබේ. ඒ, ලීටරයක් රුපියල් 10 කිනි. ඒ අනුව මීට පෙර රුපියල් 77ක් ව පැවති භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 87 ක් වන බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...

ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ලයින් කාමර වෙනුවට...

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...