IMF ශ්‍රී ලංකාව ආර්ථික සිරගෙයින් ගලවාගත්තාද? ඇත්ත නැත්ත මෙන්න (VIDEO)

Date:

මෙතෙක් කල් ශ්‍රී ලංකා ආර්ථිකය සිර වී තිබුණු සිරකුටියෙන් එළියට පැමිණීමට අවස්ථාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී තිබෙන බව ශ්‍රී ලංකා ආර්ථිකය විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය විජිතපුරේ විමලරතන ස්වාමීන් වහන්සේ පැවසූහ.

කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී තිබෙන කොන්දේසි නරකම ඒවා නොවන බවත් රටක් ලෙස බොහෝකල් පටන සාදාගැනීමට තිබුණු දේවල් බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ.

”මේ බිලියන 2.9 එකවර ලැබෙන්නේ නෑ මාස 48 ඇතුළත තමයි ලැබෙන්නේ.ඔවුන්ගේ කොන්දේසි නරකම ඒවා නෙවෙයි. අපි බොහෝකල් ඉදන් හදාගන්න තිබුන ඒවා.සමහර කොන්දේසි අප විසින් අපේ යහපතට හදාගන්න කළ යුතුව තිබුණු ඒවා .ජාත්‍යන්තර අරමුදලින් ලැබුණු ණය අපට අවශ්‍ය තරම් එකක් නොවුනට ලෝකයට ඒකෙන් සංඥාවක් ලබාදෙනවා.මේකෙන් පුලුවන් දැනට අත්හිටුවා තිබෙන විදේශ ආධාර හා ණය ලබාගන්න. මේකෙන් ව්‍යාපාරිකයින් තුළ විශ්වාසයක් හැදෙනවා.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය මගින් මුදල් ලැබෙන එකවිතරක්ම නෙවෙයි ලැබන්නේ.
මේකෙන් ඈත් වුනොත් අදුරු සහගත යුගයක් ඇතිවෙන්නේ.සියලුදෙනා එක්ක යහපත් ගමනක් ගියොත් අනාගතය දීප්තිමත් වේවී.මේ යෝජනාවල අමිහිරි තීන්දු තිබෙන කතාව ඇත්ත. මේ කොන්දේසි තුළ හොදක් තියෙනවා.මේ මගින් ජනතාවට හොද හා නරක දෙකම ලැබෙනවා.තෙල් විදුලිය ජලය වැනි සුභසාධන අඩුවේවි. බදු වැඩිවීම සිදුවෙනවා.නමුත් උද්දමනය අඩුවෙනවා. වංචා දූෂණ අඩුකරන්න යෝජනා කරනවා, මේකෙන් ජනතාවට දිගුකාලීනව වාසි තිබෙනවා.” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔසී තරුණියන්ට එරෙහිව පළාත් හයක සහ දිස්ත්‍රික් අටක නියෝජනයක් පෙළ ගැසෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ කාන්තා...

ශ්‍රී ලංකා වාහන වෙළඳපොළ මසකට සාපේක්ෂව 1.9% ක මධ්‍යස්ථ වැඩිවීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : 2025 අගෝස්තු මාසයේදී ,...

ගමට ක්‍රිකට් – රසට MeadowLea

සැප්තැම්බර් 30 වන දින ඇරඹෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...

සරත් ප්‍රේමතිලකගේ කෘති දෙකක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: සරත් ප්‍රේමතිලක මහතා විසින් රචිත කෘති ද්විත්වයක්...