රටේ ලක්ෂ 220 කගේ ජීවිත එක්ක අපි සෙල්ලම් කළේ නෑ – විපක්ෂ නායක සජිත්

මේ රටේ ලක්ෂ 220 කගේ ජීවිත සමඟ තමන් කිසිවිටකත් සෙල්ලම් නොකළ බවත්, ඔවුන්ගේ ජීවිත මරණයේ දොරටුව වෙත දක්කාගෙන යාමට කටයුතු නොකළ බවත් පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගයත්, සමගි ජන සන්ධානයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිතයන් හමු වූ සෑම අවස්ථාවකදීම පවසා සිටියේ අපේ රටට උදව් කරන ලෙස බවද පැවසීය.

ඇතමුන් ඉතිහාසය තුළ දී රටට සහ රටේ ජනතාවට ද්‍රෝහි වූ ආකාරය මේ රටේ ජනතාව දන්නා බව සිහිපත් කළ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගය එවැනි සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාව නිරූපණය නොකළ බවද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කළ කොන්දේසි මොනවාදැයි දැන ගැනීමේ අයිතිය තමන්ට සහ රටේ ජනතාවට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා IMF යෝජනා පිළිබඳව එදා බැසිල් රාජපක්ෂගෙන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළ අයුරු ද සිහිපත් කළේය.

මුදල් කාරක සභාවට හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට තරම්වත් ශිෂ්ට සම්පන්න උවමනාවක් නැති ආණ්ඩුව විපක්ෂ සහාය ඉල්ලා සිටින්නේ කෙසේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යයි සඳහන් කිරීමට පවා බිය වූ පොහොට්ටුවේ පිරිස් අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වහලුන් බවට පත්ව ඇතැයිද පැවසීය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතු මුහුදේ නාවික ගමනාගමනය යළි අත්පත් කර ගැනීමට සෞදි අරාබිය හූතිවරුන්ට එරෙහි මෙහෙයුමකට සැරසෙයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: යේමනයේ ක්‍රියාත්මක...

අනෝජන්ගේ නඩුව වෙනුවෙන් සිවුපුද්ගල නීතිඥ කණ්ඩායමක් සෞදි අරාබියට …

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...